පල් වූ කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් තවත් පල් වැඩක් . ඩොලර් මිලියන 82 ක් නැවතත් ගෙවන්න වෙන ලකුණු.

කිසිදු කාර්යයක් සිදු නොකර ව්‍යාපෘති අධ්‍යක්ෂ පමණක් දීමනා ලබන විදේශාධාරවලින් ක්‍රියාත්මක වන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ව්‍යාපෘති පිළිබඳව ‘මව්බිම’අද වාර්තා කර තිබේ. එම පුවතට අනුව වරින් වර ඇමතිවරු, ලේඛම් වරු පුටු මාරු කරමින් ජනතාවගෙන් වැටුප් ලබන අමාත්‍යංශ සුදු අලින්ගේ හොර තිප්පොළවල් බවට පත්ව තිබේ. අප විශ්වාශ කරන ආකාරයට එය පැරණි ව්‍යාපෘතියක් විය යුතුය. එම වාර්තාව පහතින් බලන්න.

අසරණ ගොවි පවුල්වල ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් මීට වසරකට පමණ පෙර ආරම්භ වූ SARP (Small Holder Agribusiness and Resiliance Project) නමැති ව්‍යාපෘතිය මෙසේ අධ්‍යක්ෂවරයාට වැටුප් ගෙවීම පමණක් සිදු කෙරෙන ව්‍යාපෘතියක් බව ඒ පිළිබඳව කළ සොයා බැලීමකදී හෙළිදරව් විය.

එම ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාට මසකට රුපියල් 167,000 බැගින් වැටුප් ගෙවන අතර වැටුපට අමතරව වාහනයක් හා ඉන්ධන දීමනාවක් ඇතුළු පහසුකම්ද ලබා දී ඇතත් ව්‍යාපෘතිය මේ වනතුරුත් ආරම්භ වී නොමැති නිසා ඔහුට රාජකාරි කිසිවක් ලැබී නැත.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 82ක් වෙන්කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විදේශාධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති 7ක් ඇති අතර එයින් ඉකුත් වසරේ ඇරැඹුණු මෙම SARP ව්‍යාපෘතිය මෙන් ම, ICDP (Inclusive Connectivity & Development Project) නමැති අමෙරිකානු ඩොලර් මිලියන 50ක් වටිනා ව්‍යාපෘතිය ද මේ වනවිට අක්‍රිය අන්දමින් පවතින අතර ඒවා ක්‍රියාත්මක නොවීමෙන් එම මුදල් ආධාර ආපසු ආධාරක රටවල් විසින් ආපසු ගෙන්වා ගැනීමේ සූදානමක් ද මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු පෙන්වා දෙති.

විදේශ ආධාර සහිතව ක්‍රියාත්මක ව්‍යාපෘති හතම මේ වනවිට ක්‍රියාත්මක වන්නේ අතිරේක ලේකම්වරියක යටතේ බව ත් එම අංශයේ අකාර්යක්ෂමතාව මත මෙම ව්‍යාපෘති මන්දගාමී වී ඇති බවත් ඔවුහු තවදුරට ත් පෙන්වා දෙති

Exit mobile version