එකම පවුලේ සැමියා, බිරිද සහ දරැවන් ඇතුළුව නිවසේ පවත්වාගෙන ගිය කුඩු ව්‍යාපාර තිප්පොලක් ඊයේ (11) දින බුත්තලසිංහ පොලිසිය විසින් වටලා තිබේ. එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය ගෑම් 10 ක් ලග තිබූ බිරිද අත්තඩංගුවට ගෙන ඇත.
අත්තඩංගුවට ගත් පවුලෙ අයද කුඩු සදහා ඇබ්බැහි වී ඇති බවත් , එම පවුලේම ඥාතීන් පිරිසක්ද මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවට වාර්තා වෙයි.
බුත්තලසිංහ පොලිස් සථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ , පොලිස් පරීක්ෂක රණවක සහ පොලිස් සැරයෙන් වන්නිනායක යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර සැකකාරිය අද (12) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.