ඊයේ (31) රාත්‍රියේ බණ්ඩාරවෙල , හම්පරාව ප්‍රදේශයේ කොන්ක්‍රීට් බැම්මක් සහ පස්කන්ඩියක් නිවසක් මතට කඩා වැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස මියගොස් ඇත්තේ 73 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ හිමිකරු, ඔහුගේ බිරිඳ , පුතා සහ ඥාති කාන්තාවක් එම නිවසේ සිට ඇති බව වාර්තා වේ.
එහෙදි නිවසේ හිමිකරු සහ ඥාති කාන්තාව තුවාල ලබ බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී නිවසේ හිමිකරු මියගොස් ඇත.