පස් කන්දේ සැගව සිටි මාරයා බිලි ගත් එකම පවුලේ මව සහ පුතු

ඊයේ (14) සවස 3.30 පමණ ඇති වූ අධික වර්ෂාවත් සමග වරකාපොල, අගුරුවැල්ල තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් අනතුරක් සිදු වී ඇත.

එහිදී 47 හැවිරිදි මව සහ 24 හැවිරිදි පුතා අතුරුදන්වී ඇති අතර ඊයේ සවස 4.30 පමණ සුන්බුන් අතර සිරවී සිටි පියාව බේරා ගෙන වරකාපොල රෝහලට ඇතුලත් කරන ලදී.රෝහල් ආරංචිමාර්ග සදහන් කර ඇත්තේ ඔහුගේ පදය අස්ථි බිදීමකට ලක්ව ඇති බවයි.

කෙසේ නමුත් මේ වන විට අතුරුදන් වූ මවගේ සහ පුතුගේ සිරුරු ද සොයාගෙන ඇත.

එම නිවසේ තවත් කුඩා දරුවෙකු සිට ඇති අතර අනතුර සිදු වන අවස්ථාවේ ඔහු ශිෂ්‍යත්ව පන්තියකට සහභාගී වී සිට ඇත.

Exit mobile version