බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය බලංගොඩ සීලගම ප්‍රදේශයේ පස් කදු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙන අතර ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, පස් සහ ගල් පෙරළීම හේතුවෙන් මාර්ගය සම්පුරණයෙන්ම අවහිර වී ඇති බවයි.
වාර්තා වන ආකාරයට මේ අතර පස්සර – නමුනුකුළ හරහා ඇල්ලට යන මාර්ගයේ කනවරැල්ල කි.මී.16 කණුව හා කි.මී 20 කනුව අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට ඊයේ (21)පස්වරුවේ පැවැති අධික වර්ෂාව සමඟ පස් ගල් හා ගස් කඩාවැටී අවහිර වී තිබේ.
මේ හේතුවෙන් රථවාහන ගමනා ගමනය මුළුමනින්ම ඇනහිට ඇති බවත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පස්සර පොලීසිය ජනතාවට දැනුම් දී ඇති බවත් වාර්තා වේ.
මේ අතර, කටුගස්තොට ගන්නෝරුව ප්‍රධාන මාර්ගයේදී වරාතැන්න ප්‍රදේශයේ විශාල ගලක් සහිත පස් කන්දක් කඩා වැටීමෙන් මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඇනහිට තිබෙන බවට තවදුරටත් වාර්තා වේ.