මෙම වර්ෂාපතනය තවදුරටත් පැවතියහොත් දැදුරු ඔය, අත්තනගලු ,මහඔය,කළු ගඟ, කැලණි ගඟ, ගිං සහ නිල්වලා යන ගංගා සියල්ල ගංවතුරක් ඇතිවීමේ තත්ත්වයකට ළඟා විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එබැවින් පහත්බිම් කේන්ද්‍ර කරගෙන ජිවත්වන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තු විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.