පහන්තුඩාව සිද්ධියට අදාළ යුවළට සිරදඬුවම්

බළංගොඩ – පහන්තුඩාව දියඇල්ල අසලදී අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කර එය අන්තර්ජාලයට මුදාහැරීමේ සිද්ධියට සම්බන්ධ යුවළ ඊයේ (01) දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔවුන්ට මාස 03ක සිර දඬුවමක් නියම කර එය වසර 07කට අත්හිටුවීමටත් අදාළ යුවළට රුපියල් 10,800ක දඩ මුදලක් ද පැනවීමට අධිකරණය විසින් තීරණය කර ඇත.

පොලිසිය විසින් සිදුකළ පරික්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම යුවළ ඇල්පිටි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි කාන්තාවක් සහ මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ඡායාරූප ශිල්පියෙක් බවයි.

Exit mobile version