ඊයේ (11) උදැසන කිසියම් පුද්ගලයෙකු විසින් ගම්පහ රෝහල වෙත පහරකෑමට ලක් වූ 15 හැවිරිදි දැරියක් ගෙනවිත් තිබූ අතර වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ එම දැරිය මිය ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් දැරිය රැගෙන ආ පුද්ගලයා අයගේ දෙමාපියන්ට දුරකථන ඇමතුමක් ලබා දී ඒ බව දැනුම් දී ඇත.
ඒ අනුව රෝහල වෙත පැමිණි දැරියගේ දෙමාපියන් පවසා ඇත්තේ දැරිය ස්ව කැමැත්තෙන්ම වේයන්ගොඩ පදිංචි අදාළ පුද්ගලයා සමඟ ජිවත් වී ඇති බවයි.
එසේම දැරියගේ පියා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ දැරියට වයස සම්පුර්ණ වී නොමැති නිසා විවාහා වී නොමැති බවත්, දැරියගේ කැමැත්තෙන්ම අදාළ පුද්ගලයා සමඟ ජිවත් වීමට ගිය බවත් ය.
මෙම කරුණු දෙස විමසා බැලීමේදී පෙනී යන්නේ දරුවන් කෙරෙහි දෙමාපියන් දැඩි සැළකිල්ලක් දැක්විය යුතු බවයි.එසේම කුඩා කල සිටම දෙමාපියන්ගේ අණට කීකරු වන ලෙස දරුවන්ට මඟ පෙන්වීම දෙමාපියන්ගේ වගකීමකි. එසේ නොවන්නේ නම් මෙවැනි ඛේදවාචක අනාගතයේදීත් සිදු විය හැක.