රක්වාන ස්ප්‍රින් හුඩ් දෙමළ විද්‍යාලයට පැමිණ ගුරුවරයෙකුට පහර දුන් පියෙකු පිළිබද පැමිණිල්ලක් රක්වාන පොලිසියට ඉදිරිපත්ව තිබු අතර පහරදීමට සහාය දුන් රක්වාන පොලිස් ස්ථානාධිපතිගේ හිතවතා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොකළ පුවතක් වාර්තා වේ.
මෙම විද්‍යාලයේ 6 ශ්‍රේණියේ සිසුන් 4 දෙනකු විසින් එම ශ්‍රේණියේ තවත් සිසුවකු හට පරදීමක් දැක ඇති ගුරුවරයකු එම දරුවන් හට අවවාද කොට දරුවන් පන්ති කාමර වෙත යොමු කොට තිබේ. එම හේතුව මත පියකු හා පුතකු සමග තවත් පුද්ගලයකු එක්ව පාසලට පැමිණ එම ගුරුවරයාට පහර දී තිබේ.
පාසැල් කාලය තුළ අනෙකුත් සිසුන්ගෙන් පහර කෑ සිසුවාගේ පියා වන රවීන්ද්‍රන් පාසලට පැමිණ විදුහලේ සිටි සියලු ගුරුවරුන්ට බැනවැදී කෑ කෝ ගසා ගුරුවරයෙකුට ද පහරදී තිබේ. එම පහර දීම සදහා පියාගේ සහයට පාර්තීවන් නමැත්තකුද පාසලෙන් පිටත සිට පැමිණ ගුරුවරයා අල්ලාගෙන සිටි බවත් පැවසේ. පසුව එම පියාගේ 11 වන ශ්‍රේණියේ ඉගනුම ලබන වැඩිමහල් පුතුද එකතුව එම ගුරුවරයාට පහර දී තිබේ.
පසුව ගුරුවරුන් හා සිසුන් එක්ව එම රණ්ඩුව පාලනය කොට පහර කෑමට ලක්වූ ගුරුවරයා, එදින දහවල් 02.30ට පමණ ප්‍රතිකාර සදහා රක්වාන රෝහලට ඇතුළත් කොට තිබේ.
පසුව මෙම සිද්ධිය රක්වාන පොලිසිය විසින් අධිකරණය වෙත වාර්තා කර තිබේ. එහිදී එක් පුද්ගලයෙකුගේ නම සගවා කරුණු වාර්තා කර තිබෙන බව ප්‍රදේශයේ ලංකා ගුරු සංගමය චෝදනා කරයි. අදාළ නඩුව කැදවා නැවත මේ මස 29 වන දිනට කල් තබා තිබේ. අදාළ චෝදනාවට ලක්ව සිටින පිය පුතු දෙපළ එදින තෙක් රක්ෂිත බන්ධනාගාර කොට තිබෙන අතර මේ මස 29 නැවතත් කැදවීමට නියමිතව තිබේ.
මෙහි ගුරුවරයාට පහරදීමට පියාට සහයෝගය දුන් පාර්තීවන් නැමත්තා වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වීමක් හෝ කිසිදු පැමිණිල්ලක ඔහුගේ නම සදහන් නොවීම පිළිබදව අප විමසු විට දැන ගැනීමට හැකි වුයේ, පාර්තීවන් යනු පහර කෑමට ලක්වූ ගුරුවරයා සිටින පාසලේ විදුහල්පති හොදින් දැන හදුනන පුද්ගලයෙකු බවයි. එසේම තවත් මිතුරු විදුහල්පතිවරයකුගේ ඥාති පුතකු වන මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන්ගේද හිතවතකු බවයි.
විශේශ සටහන
මෙහිදී විදුහල්පතිද කරුණු සගවා පොලිසියට පැමිණිලි කර තිබේ. පොලිසිය සිටින්නේ පැමිණිල්ල මතම ක්‍රියාත්මක වීමට නොවේ. පැමිණිල්ලේ සදහන් නොවන කරුණු විමර්ශනවලදී අනාවරණය කර ගත යුතුය. වර්තමාන ස්ථානාධිපතිවරයා සමග ප්‍රදේශයේ විවිධ අපචාර මෙන්ම, මත්ද්‍රව්‍ය ද වැඩි වී තිබෙන බව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
එසේම මෙම ස්ථානාධිපතිට ද විවිධ චෝදනා තිබේ. මේ වන විට ඔහු කෝටිපතියෙකු වී සිටින බව පැවසේ. රාජ්‍ය සෙවයේ සාමාන්‍ය වැටුපක් ලබන්නෙකු කෝටිපතියන් විය නොහැක.එසේ සිදුව තිබේ නම් එසේ වුයේ කෙසේද යන්න විමර්ශනය විය යුතුය.
මෙම ප්‍රදේශය භාර තවත් ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකුද කෝටි ගණනක් වටිනා නිවසක් ඉදිකර තිබේ. ලොක්කො එසේ වන විට පොඩ්ඩෝ ද එසේමය. එම ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ කටයුතු පිළිබදව විමර්ශනාත්මක වාර්තාවක් අප ළගදීම ඉදිරිපත් කරන්නෙමු.