මොරටුව අගුලාන ප්රදේශයේදී තරුණයෙකුට තියුණු ආයුධ පහර දීමක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මරණකරු අගුලාන පිහිටි තම නිවස ඉදිරිපිට සිටින විටදී හතර දෙනෙකු විසින් තියුණු ආයුධ වලින් පහර දී ඇති අතර ජංගම දුරකථන ආරවුලක් මෙම මරණයට හේතු වී ඇති බව වාර්තා වේ.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 26 හැවිරිදි සුදීර සම්පත් නොහොත් උක්කුන් නැමැති තරුණයෙකු බව කියයි.
මෙම පහර දීමෙන් මරණකරුගේ ඥාතියෙකුද තුවාල ලබා ලූණාව රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.