පහර දීමකින් පුද්ගලයකු මරුට

යකඩයකින් පහර දීම හේතුවෙන් විනයාගපුරම් ප්‍රදේශයේ පුද්ගලයකු මරණයට පත්ව තිබේ,

නිවසට පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ (1)දින නිවසේ සිටි දෙදෙනකු හට යකඩයකින් පහරදී ඇති අතර පහර කෑ පුද්ගලයන් ගම්වාසීන් විසින් කිළිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මෙසේ මිය ගොස් තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිළිනොච්චිය, විනායගපුරම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් වන සුරේෂ් නැමති තරුණයකු වේ.

මෙම පහර දීම පුද්ගලික ආරවුලක් මත සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කිළිනොච්චිය පොලිසිය සිදු කරණු ලබයි.  

Exit mobile version