කාලාන්තරයක් තිස්සේ නොවිසදී පවතින රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාගේ ළමා අපයෝජන සිද්ධිය හා සම්බන්ධව සිදුවීම් මාලාවට අවශ්‍ය නීතිමය නිසි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රත්නපුර පොලිසිය සහ ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු නොකිරීම නිසා එම ආරවුල ප්‍රජාවන් අතර සිදු වෙමින් පවතී.
එහි ප්‍රතිපලයක් ලෙස එහි ඉගෙනුම ලබන දරුවන් කණ්ඩායමකට ආදී සිසුන් කණ්ඩායමක් සහ දිස්ත්‍රික් ක්‍රිඩා නිලධාරියා විසින් අමානුෂික ප්‍රහාරයක් එල්ල කළේය.
එහිදී මුලින්ම පහර දුන් දිස්ත්‍රික් ක්‍රිඩා නිලධාරියා වන වසන්ත කුමාර යන අය මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත. නමුත් ඔහු සාමාන්‍ය පරිදි තම ජීවිකාව කරගෙන යනබවට තොරතුරු අපට ලැබී තිබේ. රත්නපුර මුලස්ථාන පොලිසිය දැඩි නින්දක පසුවන්නේ අද ඊයේ සිට නොවේ. මුල් අවස්ථාවේ සිටමය.
ඔවුන් තම රාජකාරිය ඉටුකලේ නම් මෙසේ තවත් කණ්ඩායමක් අමාරුවේ වැටෙන්නේ නැත. වසන්තට එරෙහිව ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වන කුඩා පිරිමි ළමයෙකුටද මේ වන විටත් විවිධ බලපෑම් එල්ලවෙමින් තිබේ.
මේ සියලු කරුණු අතරේ ඔවුන්ගෙන් අමානුෂික ලෙස පහර කෑ, දැනට අසාද්‍ය තත්වයේ සිටින ක්‍රිඩා උපදේශක චමිල් බෝතොටගේ ජීවිතයද දැඩි අනතුරක පවතී. රත්නපුර රෝහලෙන් අවශ්‍ය නිසි ප්‍රතිකාර ලබා නොදී ඔහුව රෝහලෙන් පිටකර හැරීමටද වෛද්‍යවරුන් කිහිප දෙනෙකු උත්සාහ කරන බවටද චෝදනා එල්ල වේ.
මෙවැනිම සිද්ධියක ඇඹිලිපිටිය මහා විද්‍යාලය තුලද සිදුවන නමුත්, ඇඹිලිපිටිය පොලිසියට තවමත් මොලේ පෑදී නැත.මේ වන විටත් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ගුරුවරු කණ්ඩායමක් කටයුතු කරනුයේ පාතාල කණ්ඩායමක් ලෙසිනි. ඇඹිලිපිටිය පොලිසිය යම් නීතිමය කටයුත්තක් කිරීම වෙනුවෙන් උපක්රමශීලීව කටයුතු කරමින් සිටින්නේද යන්න අපට වාර්ථා නොවේ.
දරුවන්ට පවා අකටයුතුකම් සිදුවන බවට පොලිසියට වාර්ථා වී තිබියදීත්, එම දරුවන්ම තව තවත් පීඩාවට පත් කරන්නේ නම් ඉන් හෙට රටට බිහිවන්නේ පොලිසියටද වෛර කරනා පුරවැසියෙක් වේ.
මේ වන විටත් ඇඹිලිපිටිය මහා විද්‍යාලය තුල ගුරුවරුන් කිහිප දෙනෙකුට එරෙහිව දැඩි බලපෑම් ඇතිවෙමින් , ඔවුන්ව තර්ජනයට ලක්වෙමින් සිටී. ඒ එම ගුරුවරුන් විසින් මාධ්‍යට තොරතුරු ලබාදෙන බවට විශ්වාස කරමිනි.
ඇලෝසියස් විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් දරුවන් අපයෝජනය කලබවට වාර්ථාකලත් ළමා ආරක්ෂක අධිකාරියට තම කටයුතු උද්යෝගිමත් ලෙස කර ගැනීමට නොහැකි වීමට කුමන හේතුවක් බලපෑවත්, ඒවා මග හැරීමට නොහැක. පොලිසියටද එසේය. වර්තමාන පහරදීමට අදාලව පොලිසිය ක්‍රියාත්මක වුයේ පළාත් නියෝජ්‍ය පොලිස්පතිගේ සහ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සුරැකීමේ අධිකාරියේ මැදිහත්වීම නිසාය.
ඇඹිලිපිටිය පාසලේ සිද්ධියටද නුදුරේදීම මානව හිමිකම් සංවිධානයක් සහ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සුරැකීමේ අධිකාරියද මැදිහත්වනු ඇත.එසේම පුද්ගලික අපරාද පැමිණිල්ලක් ලෙස මහේස්ත්‍රාත් අධිකරණයට ද කරුණු වාර්ථා වනු ඇත. එහි චුූදිතයෙක් ලෙස ඇඹිලිපිටිය මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ද නම් කර තිබේ.ඒ පිළිබදව පොලිසිය කණගාටු විය යුතුය. තරාතිරම හෝ හිතවත්කම් මත නීති නැමීමට යාමෙන් කුමන අවස්ථාවක තමන්ටද එරෙහිව නීතිය ක්‍රියාත්මක විය හැකි බව සබරගමු පළාත් අධ්‍යාපන ලේඛම්ගේ සිට ඉහලටත්, පහලටත් නොදැනීම ම හොදය.
ලංකාවේ බහුතරයක් පොලිසිවල බහුතරයක් නිලධාරීන් කඩේ යන්නේ වින්දිතයාට එරෙහිවය. සමාජ විරොදී කටයුතු කරනා පුද්ගලයන් වෙනුවෙන් සහ හිතවත්කම් මත යුක්තිය සැගවීමට කටයුතු කරන පොලිස් නිලධාරීන් පොලිසි වල සේවය කරන තාක් රටටවත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වත් යහපතක් නම් ඉටු නොවනු ඇත.