පහළ කඩුගන්නාවේ කඳු ශිකරයේ භූ පැල්මක්

ජාතික ගොඩනැගිලි පරයේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කරන්නේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ පලතුරු කඩවලට ඉහළින් කන්දේ මීටර් 100ක් පමණ වන භූ පැල්මක් ඇති බවට අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ කන්දේ කොටසක් අධික වර්ෂාව සමග අස්ථාවර වී තිබෙණ බවත් එහි ඇතිව තිබෙණ පැලුම් කිහිපයක් තුළට කන්ද මුදුනේ සිට පැමිණෙන ජල පහර ඇතුලු වී පහළට පැමිණ ඇති බවත් එම පැලුම් කිහිපය වසා දැමීම සඳහා මුල් පියවර ගත යුතු බවත්ය.

එසේම මෙම ප්‍රධාන මාර්ගයට ඉහළින් ඇති බෑවුම් සහිත ප්‍රදේශය පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු බවත් අනතුරුව ඊට අවශ්‍ය විසඳුම් ලබා දීම සිදුකළ යුතු බවත් ඉන් අනතුරුව මාර්ගය විවෘත කිරීමට කටයුතු යොදන බවත් ඔහු සඳහන් කර ඇත.

මේ වන විටත් පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එහි පර්යේෂණ කටයුතු සිදු කිරීම සහ මාර්ගය යථා තත්ත්වයට ගැනීමට බාධා එල්ල වී ඇති බව ද ඔහු සඳහන් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වාර්තාවක් සති දෙකක කාලයක් තුළ දී ලබා දීමට ද කටයුතු කරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා එහිදී සඳහන් කර ඇත.

Exit mobile version