අද (11) ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති ප්‍රථම 20-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියේ ජය වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත්ව ඇත.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 149ක් රැස් කිරීමට සමත් විය.
ඒ අනුව තරඟය ලකුණු 20කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායමට හැකි විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකි වූයේ පන්දුවාර 19ක් තුළ කඩුලු 08ක් දැවී ලකුණු 122ක් පමණි.