අද (20) ඕමානයේ දී ආරම්භ වන ලෙජන්ඩ්ස් ලීග් තරඟාවලිය පිළිබඳව මේ වන විට ලොවම කතාබහට ලක්ව ඇත.
හිටපු ක්‍රිකට් සුපිරි තරු රැසක් සිය දස්කම් දක්වන බැවින් එලෙස මෙම තරඟාවලියට වැඩි අවධානයක් යොමුව ඇත.
කෙසේ නමුත් මේ වන විට වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය හට අද පැවැත්වෙන පළමු තරඟය සඳහා සහභාගී වීමට සිදුනොවන බවයි.
සෞඛ්‍යමය ගැටලුවක් හේතුවෙන් මෙසේ තරඟාවලි ආරම්භය සඳහා ඔහු සහභාගී නොවන බවත් පසුව තරඟාවලියට එක්වන බවත් වාර්තා වී ඇත.
ඒ අනුව අද පළමු තරඟය ඕමාන් වේලාවෙන් රාත්‍රී 08.00 ට ආරම්භ වීමට නියමි අතර ආසියයානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර අද පළමු තරඟය පැවැත්වීමට නියමිතව ඇත.