යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ අද (13) මධ්‍යම රාත්‍රියේ සිට සති දෙකක කාලයක් බලපැවැත්වෙන පරිදි පළාත් අතර සංචරණය සම්පූර්ණයෙන්ම තහනම් කරන බවයි. එසේම පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ද අත්හිට වනු ඇත.
අද දිනයේ ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ කාර්ය සාධක බලකා රැස්වීමේදී ගත් තීරණය දැනුම් දෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.
මේ අනුව පළාත් අතර සංචරණය කිරීමට අවසර හිමි වන්නේ සංචාරක, වරාය, ඇඟලුම් කර්මාන්ත ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි.
සැප්තැම්බර් මස 15 වන දායින් පසු කොවිඩ් මර්දන එන්නත් ලබාගත් බවට සඳහන් කාඩ් පත නොමැති පුද්ගලයින් පොදු ස්ථානවලට පැමිණීමේදී පරීක්ෂාවට ලක් කරන බව ද යුද හමුදාපතිවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ අවන්හල්, සාප්පු සංකීර්ණ සහ වෙළඳ සැල් පවත්වාගෙන යාමේදී ද ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව අනුගමනය කළ යුතු බවයි.