පළාත් කිහිපයක වැසි තත්ත්වයේ ඉහළ යාමක්.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස්  කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි.

මේ අතර උතුරු -මැද, මධ්‍යම,  ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.50 ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කළ හැක අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මද වැසි තත්ත්ව ඇති වේ.

එමෙන්ම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට අවධාරණය කර සිටියේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලිස් නහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Exit mobile version