පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධූර කාලය දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.
මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ය.
ඒ අනුව 2023 වසරේ මාර්තු මස 19 වන දින දක්වා නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභාවල සභිකයින්ගේ ධූර කාලය අවසන් වන දිනය දීර්ඝ කර ඇත.
අදාළ ගැසට් නිවේදනයට අනුව නගර සභා 41ක, මහනගර සභා 24ක සහ ප්‍රාදේශීය සභා 275ක සභිකයින්ගේ ධූර කාලය දීර්ඝ වේ.