මෙම වර්ෂය අවසන් වීමට මත්තෙන් සියලු පළාත් පාලන ආයතන සඳහා ඔන්ලයින් මුදල් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දීමට කටයුතු කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
මේ වන විටත් පළාත් පාලන ආයතන 69ක මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවත් , වරිපනම් බදු ඇතුළු බදු ගෙවීමේ කටයුතු, එම පළාත් පාලන ආයතන තුළ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ මේ වන විට සිදුකරන බවත් එම අමාත්‍යාංශය සඳහන් කර තිබේ .
ඊට අමතරව ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමේ කටයුතු ද ඔන්ලයින් ක්‍රමය යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බවත් , ජනතාවට අපහසුතාවකින් තොරව සිය රාජකාරී කටයුතු සිදුකර ගැනීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙළ හදුන්වා දී ඇති බවත් එම අමාත්‍යාංශය වැඩි දුරටත් පෙන්වා දී තිබේ.