මැතිවරණ කොමිෂන් සභාව විසින් පාළාත් පාලන ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දීමක් සිදු කරමින් සඳහන් කර ඇත්තේ ඇතැම් පළාත් පාලන ආයතනයන්හි නියෝජිතයන්ගේ ක්‍රියාකලාපය හා හැසිරීම් පිළිබඳව අවධානය යොමුකළ යුතු බවයි.
මෙරට තුළ ක්‍රියාත්මක නියෝජිත ප්රජාතන්ත්රවාදය ,මහජන ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන ජනතා නියෝජිතයින් සහ එම ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳව ජනතාව තුළ පවත්නා විශ්වාසය මෙම පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ ක්‍රියාකලාප නිසා බිඳවැටෙමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.
එවැනි ක්‍රියාකලාපයන් හැසිරීම් විමර්ශනය කර ඊට සම්බන්ධ වැරදිකරුවන් වන පළාත් පාලන ආයතන නියෝජිතයින්ට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීම ජනතා අවශ්‍යතාවයක් බවද කොමිෂන් සභාව විසින් සඳහන් කරයි.
ආණ්ඩුකාරවරුන් සතුව පවතින බලතලවලට අනුව මෙලෙස විෂමකාර ලෙස හැසිරෙන පළාත් පාලන ආයතන නියෝජිතයින් පිළිබඳව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීම සිදුකළ යුත්තක් බව මැතිවරණ කොමිසම විසින් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත දැනුම් දී ඇත.