පළාත් පාලන  ඡන්දය පැවැත්වීමට ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකේ විභාගය අවසන් .

පැවතීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මැතිවරණ කොමිසම වෙත ප්‍රතිඥාවක් ලබා දී ඇති බව වාර්තා වේ. මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් විසින් මෙම ප්‍රතිඥාව ලබා දුන් බව  කියයි.

ඒ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් ගොනුකළ රිට් පෙත්සම් දෙකක් කැදවූ අවස්ථාවේදී යි .

එම ප්‍රතිඥාව සම්බන්ධයෙන් සෑහීමකට පත් වන බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරුන් වන  සංජිව ජයවර්ධන සහ  රොමේෂ් ද සිල්වා යන අය අධිකරණය හමුවේ සදහන් කළ බව කියයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම ප්‍රතිඥාව සටහන් කරගත් අතර එම පෙත්සම් දෙකේ විභාගය අවසන් කිරීමට තීරණය කළ බව වාර්තා කරයි.

විශ්‍රාමික යුධ හමුදා කර්නල්වරයෙකු වන ඩබ්. ජයසුන්දර විසින් ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම  පැවැත්වීම කල් දැමීමේ නියෝගය පිළිබද පෙත්සම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බලමින් තිබෙන බව කියයි.

Exit mobile version