පළාත් පාලන මැතිවරණයට දින නියම වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය ඉදිරියේ දී සිය කොමිසම යටතට පැවරෙන බවයි.

පළාත් පාලන ආයතනවල නිල දීර්ඝ කාලය වසරකින් දීර්ඝ කළ බවත් එම කාලය ලබන වසරේ මාර්තු මස  25 වනදායින් අවසන් වන බවත් ඔහු පෙන්වා දී ඇත.

කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් දක්වා ඇත.

මේ අනුව මැතිවරණය පැවැත්වීමට නියමිත දිනය එළඹෙන සැප්තැම්බර් මස  20 වන දිනෙන් අනතුරුව ප්‍රකාශයට පත්කෙරෙන බව ද ඔහු මෙහිදී  වැඩිදුරටත් සඳහන් කරන ලදී.

Exit mobile version