පළාත් පාලන මැතිවරණයේ දින සහිත ලේඛණ මුද්‍රණය කරන්නේ නෑ.

පළාත් පාලන මැතිවරණයට අදාළව ඡන්ද ප්‍රකාශ කරන දින සඳහන් කරමින් ඡන්ද පත්‍රිකා ඇතුළු ලේඛන කිසිවක් මුද්‍රණ කටයුතු සිදුනොකරන බව බව වාර්තා වේ.

මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වන බැවින් එහි තීන්දුව ලැබෙන තෙක් මැතිවරණයට අදාළව සිදු කෙරෙන වැඩ කටයුතු සිදුනොකරන බව එහි ප්‍රකාශිකාවක් සදහන් කර තිබේ.

මේ වන විට මුද්‍රණාලය මගින් සිදුකරනුයේ මැතිවරණයක් පැවැත්වීමේදී භාවිතා කළ හැකි ලේඛන මුද්‍රණය කිරීමක් පමණක් බවත්, රාජ්‍ය ආයතනවල සේවාවන් සිදුකිරීමේදී ඊට වැය වන මුදල කලින් ලබාගෙන කටයුතු කරන ලෙස රජය ලබාදී තිබෙන උපදෙස් අනුව මුදල් ලැබීමෙන් පසු සිය කාර්යයන් ඉටුකර දීමට මුද්‍රණාලයටත් සිදුවන බවත් සදහන් කර තිබේ.

මැතිවරණ ලේඛණ මුද්‍රණයට පමණක් රුපියල් මිලියන 200ක්‌ පමණ වියදම් වන බවද කියවෙයි.

Exit mobile version