ප්‍රංශයේ තරුණ තරුණයන්ට කොන්ඩම් නොමිලේ.

ප්‍රංශයේ ජනපති එමානුවෙල් මැක්රෝන් මහතා එරට තරුණ තරුණියන්ට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග (ලිංගාශ්‍රිත රෝග)පැතිරීම අවම කිරීමේ අරමුණින් ලබන වසරේ සිට නොමිලේ කොන්ඩම් ලබාගත හැකිබව ඊයේ (08) දින ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම රොයිටර් පුවත් සේවය පවසන පරිදි එතුමා මෙම තීරණය ගෙන ඇත්තේ 2020 සහ 2021 අතර කාලයේ ප්‍රංශයේ ලිංගාශ්‍රිත රෝග අනුපාතය 30 %පමණ වැඩි වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් ඇස්තමේන්තු කල පසුවයි. ඒ අනුව එළබෙන ජනවාරි 1 සිට එරට ෆාමසි වලින් වයස අවුරුදු 18 සිට 25 දක්වා තරුණයන්ට නොමිලේ කොන්ඩම් ලබාදීමට කටයුතු කරන බව ජනපති විසින් සෞඛ්‍ය උත්සවයකදී වාර්තාකරුවන්ට පවසන ලදී.

Exit mobile version