මේ වන විට ශ්‍රී ලංකාවේ තත්වය කෙතරම් භයානක ද යත් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ ප්‍රකාශය නිසා පීඩිත ජනතාව දැඩි කම්පනයකට පත්ව සිටී. මේ වන විට පෙරටුගාමී සමාජවාදී පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද ඊ ලඟ මැතිවරණයක් සදහා ග්‍රාමීය මට්ටමින් සංවිධානය වෙමින් සිටී. ඒ අතරේ පොදුජන පෙරමුණද සංවිධානය වෙමින් සිටි.
රාජ්‍ය බලය තිබෙන්නේ පොදුජන පෙරමුණ ප්රමුඛ කණ්ඩායමට වන බැවින් අරගලයේ යෙදෙන තරුණ පිරිස්වලට මේ වන විටත් තර්ජනයක් එල්ල වෙමින් පවතී. සනත් නිශාන්තගේ ප්‍රකාශයට අනුව “ අරගලය නැවැත්විය යුත්තේ 88/89 අකාරයටයි”. එය කෙතරම් දරුණුද යත් ඉන් ප්‍රකාශ වන්නේ ඉදිරියේදී එවැනි දෙයක් සිදුවන බවයි. ඉන් කියවෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයනට යම් අනතුරක් විය හැකි බවයි.
එයින් පහැදිලි වන්නේ මේ තුන්ගොල්ලොම ඉදිරියේදී ගැටුම්වලට මුලපුරන බවයි. සනත් නිශාන්ත මහතා මේ වන විටත් වැඩ ආරම්භ කර තිබේ. කැබිනට් අමාත්‍ය ප්‍රශන්න රණතුංග මහතාද , විමල් වීරවංස මහතාද ප්‍රසිද්ධියේ අනතුරු හගවා තිබේ. ඒ අනුව ඉදිරියේදී ගැටීම ගනනාවක් සිදුවීමට ඉඩකඩ තිබේ. ඉන් මේ සියලුම පාර්ශ්වයන්වලට දැඩි හානි සිදුවනු ඇත. එබැවින් සියලුම දෙනා එක්ව සිදුවීමට යන විනාශය වලක්වා ගැනීමට කටයුතු කල යුතුව තිබේ.