තෙවන චාල්ස් රජු ප්‍රථම වරට ජාතිය ඇමතීය.
ඒ ලන්ඩනයේ ශාන්ත පාවුළු ආසන දෙව් මැදුරේ දී වන අතර එම අවස්ථව සඳහා ජ්‍යෙෂ්ඨ දේශපාලකයින් මෙන්ම 2,000කට අධික ජනතාවක් ද සහභාගී වී සිට ඇති බව වාර්තා වේ.
එම අවස්ථාවේ දී “ගෝඩ් සේව් ද කිං” ලෙස වෙනස් කරන ලද එංගලන්තයේ ජාතික ගීය ප්‍රථම වරට වාදනය කිරීම ද සිදුව ඇත.
එහි දී චාල්ස් රජු ප්‍රකාශ කර ඇත්තේ එළිසබෙත් රැජින වන සිය මවගේ අභාවය බ්‍රිතාන්‍ය ජනතාවටත් පොදු රාජ්‍ය මණ්ඩලීය ජනතාවටත්, කණගාටුවෙන් යුක්තව සැලකර සිටින බවයි.
චාල්ස් රජු වැඩිදුරටත් සඳහන් කළේ සිය මව වන එළිසබෙත් රැජිනගේ අපේක්ෂාවන් පළුදු නොවන ආකාරයෙන් කටයුතු කිරීමට සැමවිටම උත්සහ දරන බවත්, තමාටත් පවුලේ සාමාජිකයන්ටත් රටේ ජනතාවටත් දැක්වූ සෙනෙහස ආදරය වෙනුවෙන් ස්තූතිවන්ත වන බවත් ය.
එමෙන්ම තම පුත්‍රයා වන විලියම් ,වේල්සයේ කුමරු ලෙසත් ඔහුගේ බිරිඳ කැතරින් වේල්සයේ කුමරිය ලෙසත් ප්‍රකාශයට පත් කරන බව තෙවන චාල්ස් රජු සිය ජනතාව ඇමතීමේ දී දැනුම් දී ඇත.