මේ දිනවල රට තුළ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට සුළු ගංවතුර තත්ත්වයක් බලපා ඇත.
කැලණි, කළු, ගිං, නිල්වලා, මහවැලි යන ගංගාවල සහ මහඔය සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් මේ වන විට සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මහඔය ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබී ඇති හෙයින් දැඩි ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවයි.
කෙසේ නමුත් මේ වන විට අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මේ වන විට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති බව වාර්තා වේ.
මෙම සුළු ගංවතුර තත්ත්වය විශාල මට්ටමේ ගංවතුර තත්ත්වයක් බවට පත්විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මෙනිසා එම ප්‍රදේශවල ජනතාව දැඩි අවදානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.