ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳවැටීමක් සිදුව ඇත.

පසුගිය දා අලුත්වැඩියා කරන ලද නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ජනන යන්ත්‍රය අද (01) පස්වරුවේ යළි අක්‍රිය වී ඇත.

ලංකා විදුලි බල මණ්ඩලය පෙන්වා දුන්නේ යන්ත්‍රයෙහි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එය අක්‍රිය වී ඇති බවත් මෙනිසා ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමිව ඇති බවත්ය.

කෙසේ නමුත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ නොරොච්චෝලේ ජනන යන්ත්‍රය නැවතත් අක්‍රිය වීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

Exit mobile version