ප්‍රධාන ජලාශවල ජල මට්ටම පහළට .

මහවැලි සහ ප්‍රධාන ජලාශවල ජල මට්ටම පහළ යමින් ඇති බව වාර්තා වේ.

ප්‍රධාන ජලාශ 73 හි ජල මට්ටම 90%ක් දක්වා පහළ ගොස් තිබෙන බවට වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ඒස්.පී.සී. සුගීෂ්වර මහතා පවසා තිබේ.

මහවැලි ජලාශවල ජල මට්ටම 80%ක් දක්වා පහළ බැස තිබේ. මහවැලි ජලාශ සහ ප්‍රධාන ජලාශ රක්ෂිත කලාප ආශ්‍රිත ස්වාභාවික ජල උල්පත්වල ජල මට්ටම පහළ යාමත් වැසි නොලැබීමත් ජල මට්ටම පහළ යාමට බලපා තිබේ.

මධ්‍යම ජලාශ 147ක සහ කුඩා වැව් අමුණු 14000ක ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවට පවසා තිබේ.

ඉදිරි යල කන්නයේ වගාව සඳහා ප්‍රධාන ජලාශ සහ මහවැලි ජලාශවල ජලධාරිතාව ප්‍රමාණවත්ව පවතී.

මධ්‍යම ජලාශ සහ කුඩා වැව් යටතේ වගාවට බලපෑමක් ඇතිවීමේ අවදානමක් පවතින බවට අධ්‍යක්ෂවරයා පවසා තිබේ.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වයෙන් ජලාශවලින් යම් ප්‍රමාණයක් වාෂ්පීකරණය වන බවත් අප්‍රේල් මාසයේ අවසන් සතිය දක්වා වැසි නොලැබෙන බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ.

Exit mobile version