ප්‍රපාතයකට බස් රථයක් පෙරළී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

සලංකන්ද-හැටන් ප්‍රධාන මාර්ගයේ බටල්ගල ප්‍රදේශයේ දී අඩි 75ක් පමණ ප්‍රපාතයකට බස් රථයක් පෙරළී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

තවත් පුද්ගලයින් 19 දෙනෙකු පමණ ඉන් තුවාල ලබා ඇති අතර බරපතල තත්ත්වයේ පසුවන තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇත.

අදාළ බස් රථය හැටන් නගරයේ පෞද්ගලික ආයතනයකට සේවකයින් ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

අධික වේගය හේතුවෙන් රියදුරාට බස් රථය පාලනය කරගත නොහැකිව මෙසේ ප්‍රපාතයට පෙරළීමට ඇති බවට පොලිසිය සැකපහළ කරයි.

අනතුර සිදුවීමෙන් පසු රියදුරා පැන ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

Exit mobile version