සමගි ජන බලවේග මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට එක් වීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් ඇති අතර එම සාකච්ඡාවලින් අනතුරුව මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රජයට එක් වීමට සූදානමක සිටින බව දේශපාලන ආරංචි වලින් වාර්තා වේ.
සමගි ජනබලවේගය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කිහිපදෙනෙකු ද ඒ අතර වන බවයි පැවැසෙන්නේ .
පසුගිය යහපාලන රජය සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන් ලෙස කටයුතු කළ මේ පිරිස පසුගිය දිනවල බොහෝ අවස්ථා වල ජනාධිපතිවරයාගේ දේශපාලන කටයුතු ප්රසංශාවට ලක් කරමින් මාධ්‍ය ඔස්සේ කතා කළ අතර ඔවුන් තමන්ගේ ඉදිරි දේශපාලන පැවැත්ම ආරක්ෂා කර ගැනීම සදහා මෙම තීරණයට එළඹීමට සූදානම් බවයි වාර්තා වන්නේ .
සරත් සමරනායක.