ප්‍රමිතියෙන් තොර දේශීය ඖෂධ නිෂ්පාදන හේතුවෙන් ශ්‍රී ලාංකීය ජනතාවට අත්වන අනතුරුදායක තත්ත්වයන් සම්බන්ධ 2022 නොවැම්බර් මස 19වන දින කරන ලද පැමිණිල්ලකට අනුව සාක්ෂි සටහන් කර ගැනීම සඳහා “අර්බන් සිටිසන් ” සංවිධානයේ සභාපති ශර්මිලා ගෝනවෙල අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පසුගිය 9දා කැඳවා තිබිණ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත, ජාතික ඖෂධ නියාමන කොමිසම අනුගමනය කරනු ලබන ප්‍රමිතින් , තත්වයන්, සහ අදාල නීති රීති වලට පටහැනිව එක් දේශීය ඖෂධ නිෂ්පාදන සමාගමක නිෂ්පාදන ක්‍රියාවලිය සිදුවන බවට පසුගිය වසරේ (2022) නොවැම්බර් මස කරන ලද පැමිණිල්ලකට අනුව මෙසේ සාක්ෂි සටහන් කරගෙන ඇත.
ශිරාගත කරනු ලබන ඖෂධ සඳහා නිෂ්පාදන අනුමැතිය ලබා දීමේදී නියැදි තත්ත්ව පරීක්ෂාවට අවශ්‍ය කාල වකවානු සම්පූර්ණ නොකර බවටත්, අපේක්ෂිත ප්‍රධාන රසායනික සංඝටකයන් මේ සඳහා යොදා නොගෙන ඇති බවටත් මේ තුළින් රෝගීන්ගේ ජීවිත අවදානමක් ඇතිවිය හැකි බවටත් ශර්මිලා ගෝනවෙල කරුණු පෙන්වා දී ඇත.
තවද, නියැදි නිෂ්පාදනයට හා වාණිජමය තොග නිෂ්පාදන බලපත්‍ර නිකුත් කිරීමේදී අදාල නිෂ්පාදන ප්රමිතීන්, නීති හා රීති ඖශද ජිව කාලය, ඖශදයේ කාර්යක්ශම තාවය තහවුරු කිරීම පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුගමනය කලයුතු අපේක්ෂිත ප්රමිතීන් සහ අනෙකුත් නීති රීති උල්ලංඝනය කරමින් දූෂිත ආකාරයකින් ක්‍රියා කර ඇති බවට දින වකවානුද සඳහන් කරමින් පෙන්වා දී ඇත.
රෝගියකු හට ලබා දෙන්නා වූ ඖෂධයක ජීව කාලය, රසායනික සංඝටක , අමුද්‍රව්‍යයන්හි ප්‍රමිතිය යන ගැටලු තත්ත්වයන් පැන නැගී ඇති බව පෙන්වා දෙන ලදී.
2022 නොවැම්බර් මස ඇය විසින් මේ පිළිබඳවඅල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට දැනුවත් කිරීමෙන් පසු ශර්මිලා ගෝනවෙල විසින් ඉදිරිපත් කරන ලද චෝදනාවන්ට විමර්ශනයක් කරනවා වෙනුවට අදාල චුදිත ආයතනය විසින් චෝදනා සදහා සපයා තිබු පිළිතුරු ශර්මිලා ගෝනවෙල වෙත අල්ලස් දුෂණ කොමිෂන් සභාව විසින් එවා තිබිම ගැන නොසතුට පළකර තිබින.