ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් උත්සව සමයේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග රක්ෂිතවල තාවකාලිකව නිෂ්පාදන අලෙවි කරගැනීම සදහා අවසර ලබාදී ඇති බව වාර්තාවේ.
දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ස්වයං රැකියාවල නියුතු නිෂ්පාදකයින් හට හා ගෘහාශිතව සහ සුළු පරිමාණයෙන් නිෂ්පාදනයන් සිදුකරන අයවලුන් හට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස තබාගෙ උත්සව සමය අවසන් වන තෙක් ස්ථීර ඉදිකිරීම් සිදුනොකර තාවකාලිකව සිය වෙළද කටයුතු කරගෙන යාමට අවසර හිම්වන බව වැඩිදුරටත් සදහන් කොට තිබේ.
ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම අවසරය ලබාදුන් බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇති බවයි සදහන් වන්නේ