ප්‍රවාහන ඇමති නිදි අතරේ දුම්රියෙන් මගීන්ට කැත වැඩක්.

පසුගිය 20 වනදා මගී තදබදයක් පවතින කොළඹ කොටුව – බදුල්ල උඩරට මැණිකේ දුම්රියේ ගමන් කිරීමට ආසන වෙන් කළ මගීන්ගේ ආසන වෙන් කිරීම් සියල්ල අවලංගු කර එම ආසන සියල්ල සංචාරකයින් පිරිසක් වෙනුවෙන් වෙන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළ බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට බදුල්ල දක්වා ආසන වෙන් කළ මගීන්ට යාමට ඔවුන්ගේ ප්‍රවේශ පත්‍ර නැවත ඔවුන් වෙත ලබා දුන්නද බදුල්ලේ සිට කොළඹට පැමිණි ගාස්තු ආපසු නොගෙවා ඇත. එමෙන්ම මෙම දුම්රිය මහනුවර සිට බදුල්ල දක්වා හිස්ව ධාවනය කළ බව කියයි. මෙවන් අවස්ථාවක මගීන්ට වන අසාධාරණයන් වෙනුවෙන් පෙනී සිටීමට නිසි බලධාරියෙකු නොමැති වීම කණගාටුවට කරුණකි.

Exit mobile version