ප්‍රවේශ පත්‍ර නොදෙන කොන්දොස්තරවරුන්ට වරදින ලකුණු.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කර ඇත්තේ ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ වල කොන්දොස්තර මහතුන් පිළිබඳ පැමිණිලි කිරීමට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වා දෙනු ලබන බවයි.


ඔහු වැඩි දුරටත් සදහන් කොට ඇත්තේ  ලංගම සේවකයන්ගේ වංචා හා දුෂණ හේතුවෙන් ලංගම පාඩු ලැබීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි. සේවකයන් වංචා සහගත බවත් ඒවා පාලනය කිරීමට විශේෂ වැඩපිළිවෙළක් හදුන්වාදෙන බවත් සදහන් කර තිබේ.


ලංගම රියදුරන් හා කොන්දොස්තර මහතුන් විසින් ලංගමයට අය විය යුතු ආදායමෙන් කොටසක් දිනපතා බෙදාගන්නා බැවින්  ලංගමයට දිනකට ලැබිය යුතු ලක්ෂ 100 ක පමණ මුදලක් ලංගමයට  අහිමිවන බවත් බන්දුල ගුණවර්ධන මහතා විසින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version