අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් මොරටුව මහා විද්‍යාලයේ විභාග ශාලාවේ ශාලාධිපතිනිය අත්අඩංගුවට ගෙන අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මහෙස්ත්‍රාත්වරයා විසින් එම ශාලාධිපතිනිය, ශාලා සේවක හා මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රථමයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයා පෙබරවාරි මස දෙවැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවට විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
මෙම සිදුවීමට සම්බන්ධ ශාලාධිපතිනිය පිළියන්දල කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශකවරියක් ලෙස සේවය කරමින් සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් විමර්ශන මෙහෙයවමින් සිටින බවට විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.