ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ උපකාරක පන්ති පවත්වන ස්ථානයක වැසිකිළියක් තුළ කැමරා සවිකර තිබූ පුවතක්සමාජ මාධ්‍ය තුළින් අපට වාර්තා විය.
තම දියණිය ඇතුළු තවත් ගැහැණු ළමුන් පිරිසසකට මෙසේ වැසිකිළිය තුළ කැමරා සවි කර තිබූ බවට හසු වී ඇති බවට දැරියකගේ මවක් චෝදනා කරයි.
අදාළ කාන්තාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෙම කැමරා සවි කිරීම කලකපටන් සිදුකර ඇති බවට සැක පවතින බැවින් දරුවන් මහත් පීඩාවට පත්ව ඇති බවයි.
මේ පිළිබඳව ගම්පහ මූලස්ථාන පොලිසිය වෙත පැමැනිල්ලක් ඉදිරිපත් කළද තවමත් ඒ සඳහා නිසි පියවරක් ගෙන නොමැති බවට ද එම මව චෝදනා කරයි.