ප්‍රසිද්ධ සමාගමකින් අනතුරු ඇගවීමක්

ලොව ප්‍රසිද්ධ සමාගමක් වන apple සමාගම සිය භාණ්ඩ පරිහරණය කරණ පාරිභෝගික ජනතාවට අනතුරු ඇගවීමක් කර තිබේ.

ඒ පාරිභෝගික ජනතාවගේ දත්තයන් සොරාගැනීමේ අවදානමක් ඇති බවටයි.

එම සමාගම නිවේදනය කර ඇත්තේ (apple) තම නාමය යටතේ නිෂ්පාදිත apple TV , apple watch , apple ipad හා apple iphone යන භාණ්ඩ සදහා මෙම අවධානම පවතින බවයි.

 එමහෙතුවෙන් එම අවධානමින් මිදීමට තමා සන්තකව ඇති apple නිෂ්පාදන වෙනුවෙන් අදාළ මෘදුකාංග යාවත්කාලීන කර ගන්නා ලෙස පාරිබෝගිකයන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

Exit mobile version