ඊයේ සිදු වූ සිද්ධියේ මහමොකරු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බව ඊයේ උදෑසන ජේෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙනුවෙන් සූම් හරහා තිබූ සාකච්චාවකදී හෙළි වි තිබේ.
එම සාකච්චාවේදී ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු බව කියවෙන ජවුෆර් විසින් “ සර් අද උදේ ගහනව. මොකද කරන්නේ “ කියා විමසු බවත්, එහිදී දෙශ්බන්දු තෙන්නකෝන් විසින් , “ ඒ ගැන අපි බලාගන්නම්. තමුසේ සද්ධනැතිව ඉන්නවා” ලෙස ප්‍රකාශ කල බවද පොලිස් දෙපාර්තමේන්තුව තුල මේ වන විටත් දැඩි කතා බහකට ලක්ව තිබේ. එසේ සිදු වුයේ නම් මේ ප්‍රහාරය සිදුවන බව දැනගෙන සිටි නියෝජ්‍ය පොලිපතිවරයා තම පොලිස් නිලධාරීන් යොදවා එය වැළැක්වීමට තිබු සියලුම මන් පෙත් සගවා තිබේ. ඊයේ වීඩියෝ දර්ශන වලදී එය මනාව තහවුරු විය. පොලිස් නිලධාරීන්ට පාරෙවත් බැහැල යාමට නොහැකි තරම් දැඩි අපකීර්තියක් ඇති කලේ බස්නාහිර පළාතේ සමහාර පොලිස් නිලධාරීන් මෙන්ම SSP තෙන්නකෝන් වේ.
මේ සිද්ධියත් සමග මේ මොහොතේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිවරයා හමුවේ ලිපියක් බාරදීමට ගොස් සිටි. ඒ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගන්නා ලෙස දැනුම් දීමටයි.
දැනට පවතින ප්රචණ්ඩත්වය නවතාලීමට නම් අදාළ පොලිස් නිලධාරීන් වහාම අත් අඩංගුවට ගත යුතුව තිබේ. කල් මරමින් සිටීමෙන් සිදුවන්නේ දිගින් දිගටම ප්රචන්ඩත්වය වැඩි වීම පමණි. එසේම ආරක්ෂක ලේකම්වරයා මෙන්ම යුධ හමුදාපතිවරයා මැදිහත් වී හැකි තරම් ජනතාව සන්සුන් කිරිමට කටයුතු කල යුතුය. එය කල යුත්තේ ඉතාම සුහදශීලිවයි. එය කිරීමට සුදුසුම පුද්ගලයා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාය.