කතරගම දෙවියන් ලක්ෂ 13ට මහජන බැංකුවට උකස් කරද්දී ප්‍රාදේශීය ලේකම්වරු දානපතීන් වෙලා

👉 අලුත් නිලමේ දේවාලේ උකස් කරලා.

👉 පත්තිරුප්පුව අන්‍යාගමිකයන්ට විකුනලා

👉 ප්‍රාදේශීය ලේකම්වරු අල්ලස් අරගෙන

තමන්ගේ රට ජාතිය ආගම පිළිබඳව කිසිම හැගීමක් නොමැති පාලකයන් නිලතලවලට පත් වූ පසු ඔවුන් තමන් සතු සියලුම වස්තුව කොල්ල කා හෝ උකස් කර තමන්ගේ යටි අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කරනු ලබයි.ඒ අනුව කතරගම දේවාලයේ හිටපු නිලමේ ගැමුණු තිලකබණ්ඩාර වළිසුන්දර මහතා අන්තර්ජාල සාකච්ඡාවකදී බස්නායක නිලමේවරුන්ගේ සහ මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙ සියලු පැටිකිරිය මෙහිදී හෙලිදරව් කරන ලදි.

මෙහිදී වළිසුන්දර මහතා ප්‍රකාශ කර සිටින්නේ මහනුවර කතරගම දේවාල භූමිය සතු ඔප්පුව ලක්ෂ 13කට මහජන බැංකු ශාඛාවකට උකස් කර ඇති බවත් තවද මහනුවර දේවාලයේ පත්තිරුප්පුවක්ද අනය්‍යාගමිකයින් හට විකුණූ බවද දේවාල භූමියේ තිබූ විශාල රූස්ස ගස් , තමා වගා කල රෝස මල් පැල පවා කටුවක් හෝ ඉතිරි නොවන පරිදි ගලවා දමා දේවාල භූමිය සොහොන් භූමියක් බවට පත් කිරිමට බස්නායක නිලමේවරුන් කටයුතු කල බවට මෙහිදී වැඩිදුරටත් කරුණු සදහන් කරන ලදි.

එමෙන්ම මෙම සියලු කරුණුවලට හේතුව වශයෙන් ඡන්ද ක්‍රමය දක්වා ඇති අතර මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සභාවේ ලේකම්වරු නව දෙනෙකුගෙන් පස් දෙනෙකුම නිලමේවරුන් පත් කර ගැනීමේදී ඔවුන්ගේ වාසිය ගැන පමණක් සිතමින් දූෂිත චරිතවලට සුදු පිරුවට පෙරවූ බවත් වළිසුන්දර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේය.

තවදුරටත් වළිසුන්දර මහතා ප්‍රකාශ කර සිටින්නේ 1931 අංක 19 දරණ විහාර දේවාල පනතට අනුව දේවාලයේ පත්තිරුප්පුව අනය්‍යාගමිකයින් හට විකුණනකම් හා බදු දෙන තුරු බෞද්ධ කටයුතු කොමසාරිස් තද නින්දක කල් ගෙවූ බවත් තවද මෙලෙස විනාශයක් සිදු කිරීමට කුමන හෝ අයුරකින් සම්බන්ධ වූ පුද්ගලයන් හට නිසි දඩුවම් එක හා සමානව හිමි විය යුතු බවත් මහානායක හිමිවරු සහ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරු විහාර දේවාල පනත අනුව කටයුතු කල යුතු බවද වළිසුන්දර මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටී.

මේ පිළිබදව තව දුරටත් විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.

Exit mobile version