ප්‍රාදේශීය ලේකම්වරු මාරුකලාට තවත් මහජන උද්ඝෝෂණ දෙකක්?

රත්නපුර වැලිගෙපොල හිටපු ප්‍රාදේශීය ලේකම් වන අනුරාධ ජයකොඩි මහතාගේ සහ ඕපනායක හිටපු ප්‍රාදේශීය ලේකම්වන ධම්මික සතරසිංහ යන මහත්වරුන්ගේ අසාධාරණ ස්ථානමාරුවීම් වලට එරෙහිව තවත් මහජන උද්ඝෝෂණ දෙකක් සුදානම් කරමින් තිබෙන බව රාවණා ලංකා අභ්‍යන්තර බුද්ධි සේවය වාර්තා කරයි. ඒ වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොඨිඨාශයේ සියලු දේශපාලන පක්ෂවල ප්‍රාදේශීය නායකයන්ගේ එකතුවෙනි. එම උද්ඝෝෂණය බොහෝ විට මේ මස 13 හෝ 14 පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි. කෙසේ නමුත් දිනය තහවුරු කරගැනීමට අප අපොහොසත් විය.

එසේම ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොඨිඨාශයේ සංඛපාල , මිගහයාය, කොස්වැටිය, කොළඹගෙආර, පනහඩුව ආදී ප්‍රදේශවල ජනතාවද උද්ඝෝෂණයක් පැවැත්වීම සඳහා මේ වන විට සාකච්චා පවත්වමින් තිබෙන බව ද අභ්‍යන්තර බුද්ධි සේවය වාර්තා කරයි. කෙසේ නමුත් එහි දිනය ද අනාවරණය කරගැනීමට අප අපොහොසත් විය.

වැලිගෙපොල ජනතාව එම උද්ඝෝෂණය සිදුකරනුයේ අවුරුදු ගණනාවක්ම කිසිම චෝදනාවක් නොමැතිව ඔහු ප්‍රදේශයේ ජනතාවට සිදුකල සේවයට උපහාර පිණිස සහ දුශිතයන්ගේ අවශ්‍යතාවය මත සිදුකරන ලද එම ස්තානමාරුව අවලංගු කර ඔහු රත්නපුර දිස්ත්‍රික්කයේ වෙනත් ස්ථානයකට පත්කරන ලෙස ඉල්ලමිනි.

සංඛපාල අවට ජනතාව තම උද්ඝෝෂණය සිදුකරනුයේ එම ප්‍රදේශයේ ජනතාව අවුරුදු ගණනාවක් පුරාම පිඩා වීඳින එම ප්‍රදේශයේ දහස් ගනනාවක් ජනතාවගේ ඉඩම් ගැටලුව විසඳීම වෙනුවෙන් මෙතෙක් සිටි ප්‍රාදේශීය ලේකම්වරුන් සිදුනොකළ, නීත්‍යානුකුල ක්‍රමවේදය මාස කිහිපයක වැඩබලන ප්‍රාදේශීය ලේකම්ව සිටිමින් කල සැබෑ රාජ්‍ය සේවය වෙනුවෙන් ඔහුව ඇඹිලිපිටියටම ලබා දෙන ලෙස ඉල්ලමිනි. එසේම එම ඉඩම් ගැටලුව විසඳීම සඳහා මේ වන විට ගෙන තිබෙන ක්‍රියාමාර්ගයන් අවසන්වීමට ප්‍රථම සිදුකර තිබෙන මෙම ස්ථානමරුවට එරෙහිව ඔවුන් මීට පෙරද විවිධ ප්‍රකාශ ලබා දි තිබේ.

අප මීට පෙරම මේ පිළිබඳව වාර්තා කර තිබෙන අතර එම සියල්ලම ඒ අකාරයෙන්ම සිදුව තිබේ. එසේම මෙම මහජන උද්ඝෝෂණ ඇති වීම සිදුවන්නේ සමහර දේශපාලන නායකයන්ගේ අණට කීකරුවන සුවච කීකරු රාජ්‍ය පරිපාලන සේවයේම, දුෂිත ජේෂ්ඨ නිලධාරින් නිසාය. ජනාධිපතිවරයා ගොඩනැගීමට උත්සාහ කරන රාජ්‍ය ගොඩනැගීමට අපහසුව තිබෙන්නේද එබැවිනි.

Exit mobile version