ප්‍රාදේශීය ලේඛම්ලාට අල්ලස් දෙන්න ප්‍රාදේශීය ලේඛම් යද්දී  දිස්ත්‍රික් ලේඛම්වරයාටත් අල්ලස් චෝදනා!

බලන්ගොඩ බෝල්තුඹේ රාවණා දේවාලයේ නොහොත්, ශ්‍රී සුමන සමන් දේවාලයේ නව බස්නායක නිලමේවරයා තේරීමේ නිලවරණය හෙට දහවල් දෙකට රත්නපුර දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේදී පැවැත්වේ.

එම නිලවරණයට අපේකෂකයන් පස් දෙනෙකු ඉදිරිපත් වීමට නියමිතව තිබෙන අතර දෙදෙනෙකු වෙනුවෙන් තරගය තීව්‍රර වී තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛම්වරුන් 8  දෙනෙකු සහ උග්ගල් අළුත්නුවර, අම්මඩුව සහ රත්නපුර සමන් දේවාලවල බස්නායක නිලමේවරුන් රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාව නියෝජනය කරමින් චන්දය ලබා දීමට සුදුසුකම් ලබා තිබේ.

ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ගෙන් 7 දෙනෙක් අල්ලස් කිසිවක් නොගෙන පුද්ගලයන් දෙදෙනකුට චන්දය ලබා දීමට තෝරාගෙන තිබෙන අතර එම දෙදෙනාගෙන් එක් අයෙකුට සියලුම දෙනා එකතුව චන්දය ලබා දීමට තීරණය කර තිබේ. කෙසේ නමුත් ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම්වරයා පිළිබඳව අප ඊයේ තැබූ සටහන ඒ ආකාරයෙන්ම තිබෙන අතර බලන්ගොඩ ප්‍රාදේශීය ලේඛම්වරයා මේ වන විටත් ගැටලුවකට මැදිව තිබේ.

මේ සියලුම තොරතුරු මෙසේ වෙද්දී පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේඛම්වරයා ලක්ෂ 7.5 බැගින් ප්‍රාදේශීය ලේඛම්වරුන්ට බෙදීම සදහා අද (28) උදෑසන සිටම රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛම්වරුන් පසු පස්සේ ගියේය. මේ වන විටත් ඔහු එම ක්‍රීඩාවේ නියැලෙමින් සිටී. ඔහුගේ අල්ලස් දැලට එක අල්ලස් මාලුවෙක් අල්ලා ගැනීමට හැකිව තිබේ. නමුත් එම ලක්ෂ 7.5 ක මුදල එම කාර්යාලයේ බලෙන් තබා පැමිණ තිබේ. නමුත් ඔහු අල්ලස් ලෙස ලබා දුන් මුදල ලබා ගත් බවට පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේඛම්වරයා ස්ථාන කිහිපයකම ප්‍රකාශ කර තිබේ.

ඒ අතරේ අප ඊයේ වාර්තාකල සේනිද්ද නමැති අබෞද්ධ භික්ෂුව අද කුකුළා කරේ තබාගෙනම ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනෙකුගේ නිවෙස්වලට ගොස් තිබේ.

ඒ අතරේ රත්නපුර දිස්ත්‍රික් ලේඛම්වරයා මුදලින් ලක්ෂ 20 ක් අල්ලස් ලෙස ලබාගෙන තිබෙන්නේ ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් දෙදෙනෙක් නම්මා ගැනීමටය. තවද රත්නපුර දිස්ත්‍රික් ලේඛම්වරයා ප්‍රදේශීය ලේඛම්වරුන් එකිනෙකා කෙටවීමට විවිධ ප්‍රකාශ කරතිබේ. ඒ අල්ලස් ලබාගෙන චන්දය ලබා දීමට විරුද්ධ අයව කෙටවීමෙන් එය කරගැනිමටය. මෙම චෝදනවන් පිලිබදව දිස්ත්‍රික් ලේඛම්ගේ අදහස ලබා ගැනීම වෙනුවෙන් අප අද දවස පුරා ඔහුගේ දුරකථන වලට ඇමතුම් ලබා ගත්තත් ඔහුව සම්බන්ධ කරගැනීමට නොහැකි විය. ඔහුගේ ජංගම දුරකතනයක් වන 0714500909 අංකය වෙත පළමු ඇමතුම අද උදෑසන 9 ට පමණත් අවස්ථා කිහිපයක්ම ගත්තත් එයට ප්‍රතිචාර දැක්වුයේ නැත. ඉන් අනතුරුව කාර්යාලිය අංකය වන 045 22222235 ඇමතුම් ගෙන එම ඇමතුමට සම්බන්ධ වූ නිලධාරිනියක් දැන්වූයේ ලේකම්වරයා රැස්වීමක බවත්, අවශ්‍ය තොරතුරු ගෙන අපට නැවත ඇමතුමක් ගන්නා බවයි. නමුත් තවමත් එම ඇමතුම ලැබුනේ නැත.

කෙසේ වුවත් මේවා සියල්ලම වැරදි වැඩය. මුදල් ලබා ගෙන චන්දය ලබා ගැනීමට බලපෑම් කිරීම වැරදිය. ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ගේ නිදහසට බාධා නොකළ යුතුය.  නමුත් මෙය ක්‍රීඩාවක් බව දන්නෝ දනිති.

මෙහිදී අබෞද්ධ භික්ෂුන්ද, ප්‍රාදේශීය ලේඛම්වරුන්ද එකිනෙකා අතර ආරවුල් ඇතිකරවන ගේමක් ක්‍රියාත්මක වේ. මහනුවරින් පලවාහැරී ගැමුණු වලිසුන්දරද දියවඩන නිලමේවරයාගේ සමිපතමයෙකි. එය නොරහසකි. නමුත් ඔහු ප්‍රකාශ කරනුයේ දියවඩන නිළමේවරයා  ඔහු සමග අමනාප බවයි. ඔහු එසේ ප්‍රකාශ කලත් බදුල්ල, සොරගුණේ කුඩා කතරගම දේවාලයේ නව බස්නායක නිලමේවරයා තෝරාගැනීමේ නිළවරණයට ප්‍රාදේශීය ලේඛම්වරුන්ට අල්ලස් ලබා දීම සදහා මුදල් රැගෙන පැමිණියේ ගැමුණු වලිසුන්දරය. බදුල්ල දිස්ත්‍රික් ලේඛම් කාර්යාලයේ පැවති නිලවරණය මාධ්‍යයට ද  තහනම් කෙරිණි. නමුත් කිසිදු දේවාලයක නිලමේවරයෙක් නොවුණු ගැමුණු වලිසුන්දර නිලවරණය පැවති ස්ථානයේ රැදී සිටියේය. ඒ මහනුවර සිට මුදල් රැගෙන පැමිණියේ ඔහු නිසාය. එය අප එදිනම වාර්තා කළේය.

ඒ අනුව මෙම සිදුවීම සමග, දීර්ඝකාලයක සිදුවීම් මාලාව දෙස බලන විට අපට පෙනෙන්නේ මෙය දියවඩන නිලමේවරයා විසින් අටවන ලද උගුලක් බවයි. සේනිද්ද, කොකාවල, දම්මදින්න යන අබෞද්ධ භික්ෂුන් පමණක් නොව රත්නපුර දිස්ත්‍රික් ලේඛම්වරයා මෙන්ම මෙම මොවුන් සියලුම දෙනා විසින් දිනවීමට උත්සාහ කරන පුද්ගලයාද දියවඩනගේ මෙම උගුලට හසු වී තිබේ. ඔවුන් දෙදෙනාගෙන් කවුරු දිනුවත් 2025 දියවඩන නිලමේවරයා තෝරාපත් කරගැනීමට යෝජිත නිලවරණයේදී ඡන්දය ලැබෙන්නේ වර්තමාන දියවඩන නිලමේවරයාටය.

එසේම හෙට දිනයේ මෙම ප්‍රාදේශීය ලේඛම්වරුන්ට බලපෑම් කිරීම උදෙසා හාමුදුරුවරු ගණනාවක් හෙට දිස්ත්‍රික් ලේඛම් කාර්යලයට යාමටද නියමිත බව තහවුරු නොකරන ලද ආරංචි මාර්ග සදහන් කරයි.

අබෞද්ධ වුවත් කහ සිවුරු පොරවාගත් උදවියද තම දුෂිත ගේමට යොදවා, රාජ්‍ය නිලධාරීන් අතරද ගැටුම් ඇතිකරවා, චන්දයට උදව් කරන බවට පෙන්වා තවත් පුද්ගලයෙකුද ගොනාට අන්දන හොරුන්ගේ ගේම් හදුනාගැනීමට නොහැකි වීම ප්‍රාදේශීය ලේඛ්ම්වරුන්ගේ වරදක් නොව, මෙරට ජඩ දුෂිත මාධ්‍යයේ වරදකි. එබැවින් හෙට දින නිලවරණයේදී ගැමුණු වලිසුන්දරගේ ජයගැනීම යනු, කිසිදු මුදලක් වියදම් නොකර දියවඩන නිලමේවරයා ලබන ජයග්‍රහණයකි. අනෙක් පුද්ගලයා ජයග්‍රහණය ලැබුවහොත් එයද ඔවුන් ලබන ජයග්‍රහණයකි. මෙම ක්‍රීඩාවේ ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔවුන් කුඩා මුදලක් පමණක් යොදවා තිබේ. එය තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.

කෙසේ වුවත් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛ්ම්වරුන් 6ක් හෝ 7 ක් මේ වන විටත් ඒකමතිකව තීරණයක් අරගෙන තිබේ. එම එකමුතුකම රටට අවශ්‍යම දෙයකි. “දාම් බෝඩ් එකේ ඉත්තෙකු” ලෙස දිගින් දිගටම කටයුතුකළ පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා යනු සුදු ඇදගත් කළු චරිතයකි. ඔහු මේ වන විටත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට සල්ලි ලබා දීම සදහා කතාකරමින් සිටි. රජයේ වාහනයද භාවිතාකරමින් ඔහු සිදුකරනයේ ත්‍රාඩ, දුෂිත, නින්ධිත ක්‍රියාවලියකි. ඒ කෙසේ වෙතත් මෙම දේවාලය සමග සෙල්ලම් කිරීම, කාගේ කාගේත් අවසානය ලියාගැනීමට හොදම තෝතැන්නක් වනු ඇත.

(විශේෂ සටහන – යම් සුවිශේෂී සිද්ධීන් ගවේෂණයේදී එම සිද්ධීන් සෙවීමට මෙන්ම පසුපස හඹා යාමටද අප කණ්ඩායම් යොදවයි. අප ආයතයේ මේවය කරන බහුතරයක් දෙනා හමුදාවන්,පොලිසියෙන් මෙන්ම වෙනත් ආයතනවලින් විශ්‍රාමික අයයි. රට පුරා විහිදුණු , කැපකිරීම් කරන ගවේෂණාත්මක ජාලයක් අපගේ කණ්ඩායමේ සිටී. පැල්මඩුල්ල ප්‍රදේශීය ලේඛම් වරයා පමණක් නොව , අපේක්ෂකයන් පස් දෙනාගේම සියලු කටයුතු අප සොයා බලමින් සිටී. ගැමුණු වලිසුන්දර ජය ගත්තත්,අනෙක් පුද්ගලයා ජය ගත්තත් රත්නපුරේ ප්‍රාදේශීය ලේඛම්වවරුන්නට අල්ලස් ගත්බවට චොදනා එල්ල වේ. බොහෝ අය නොදන්නවා වුවත් සමහර වීඩියෝ පවා අප සතුව තිබේ. එබැවින් රත්පුරේ ප්‍රදේශීය ලේඛම්වවරුන්නගේ එකමුතුකම විශිෂ්ඨය. හැකි නම් කල යුත්තේ මෙම ප්‍රධාන දෙදෙනාම වෙනුවට වෙනත් පුද්ගලයෙකු තෝරාගැනීමය. කෙසේ වෙතත් ඒකමතිකව ගත් තීරණ අවසාන මොහොතේ වෙනස් කිරීමද සුසුසු නැත. හාමුදුරුවරු වැරදි වැඩකරනවාට දායකයන් කැමති නැත. ඔවුන්⁣ බොහෝ දේවල් රහසිගතව සිදුකලත් ඔවුන්ගේ එම රහස් අපට ලබා දෙන්නේ ඔවුන්ගේම උදවියයි. සේනිද්ද නමැති භික්ෂුවගේ අද දවසේ ගමන් මගේ සම්පුර්ණ වීඩියෝවක් ද අපට ලැබී තිබේ.)

Exit mobile version