ප්‍රාදේශීය ලේඛම් සහ ග්‍රාම සේවකලා රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවක් කරලා!. තමන්ගේ රැකියාව හරියට ඉගෙන ගෙන නැති ම්ලේච්ච කල්ලියක් සේ හැසිරිලා.

ශ්‍රී ලංකාව නම් වූ රාජ්‍යයේ, මහජනතාව වෙනුවෙන් නීතිය හා සාමය ආරක්ෂා කරන්නේ පොලිසියයි. එසේම රාජ්‍යයේ සිවිල් ජනතාවගේ පරිපාලන කටයුතු සිදුකිරීමේ මුල්ම පුරුක වන්නේ ග්‍රාම සේවක වන අතර දෙවෙනියට සිටින්නේ ප්‍රාදේශීය ලේඛම් සහ තෙවෙනිව දිස්ත්‍රික් ලේඛම්ය. අනෙකුත් සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට නොමැති සුවිශේෂි බලතල හිමිවන්නේ ග්‍රාමසේවකට පමණි. ආණ්ඩුවේ සහකාර පරිපාලන නිලධාරියා වන ප්‍රාදේශීය ලේඛම්වරයාටද රාජ්‍යයේ සියලුම අමාත්‍යාංශවලට අයත් ක්‍රියාපටිපාටිය සිදුකිරීම සඳහා නියෝජිත බලය ලැබී තිබේ.

එවන් පසුබිමක් තුල ප්‍රාදේශීය ලේඛ්ම්වරයෙක්, සහකාර ප්‍රාදේශීය ලේඛම්වරයෙක් සමග ග්‍රාම නිලධාරින් කණ්ඩායමක් තමන්ගේ වරද වසා ගැනීම වෙනුවෙන් සාමාන්‍ය ජනතාවට විරුද්ධව රාජ්‍ය ත්‍රස්තවාදින් ලෙස කටයුතු කරන්නේ නම් ඉන් කියවෙන්නේ ඔවුන් රටේ නීතිය පමණක් නොව, ඔවුන්ට අයත් විෂය පථයවත් නොදන්නා බවයි.

එවන් තමන්ගේ නීතියවත් නොදන්නා, රාජ්‍ය සේවය අපකීර්තියට පත්කරන ප්‍රාදේශීය ලේඛම්වරයෙක්, සහකාර ප්‍රාදේශීය ලේඛ්ම්වරයෙක් ඇතුළු ග්‍රාමසේවකලා ඇතුලු  රාජ්‍ය ත්‍රස්තවාදී කණ්ඩායමක් අපට වාර්තා වන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙනි.

මහනුවර බෝපාන,  කළල්ගමුව ප්‍රදේශයේ නාය යාමක් සිදුව තිබෙන අතර එම නාය යාමෙන් දින දෙකක් ගත වූ පසුව ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී එම ස්ථානයට පරික්ෂා කිරීමට ගොස් තිබේ. මෙම ප්‍රදේශයේ තත්වය විමසීම සඳහා මාධ්‍ය වේදීන් ගිය අවස්ථාවේ ඒ පිළිබඳව කරුණු විමසීමේදී ගම් වාසීන් ප්‍රකාශ කර තිබුනේ“ ග්‍රාම සේවකවරයා පැමිණියේ දවස් දෙකකට පසුව” බවයි. එහිදී ගම්වාසීන් කිහිපදෙනකුම එම ප්‍රකාශය කරන නමුත්,  රුපවාහිනි නාලිකා තුල විකාශය වී තිබුනේ එකකි.

එම එක ප්‍රකාශයක් විකාශය කිරීමෙන් අනතුරුව එම පුද්ගලයාට එරෙහිව උඩුදුම්බර, කළල්ගමුව ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි විසින් එම පුද්ගලයාට එරෙහිව උඩුදුම්බර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. එම පැමිණිල්ල විභාගය සඳහා එම ප්‍රාදේශීය ලේඛම් කොඨිටාශයට අයත්  ග්‍රාම නිලධාරි සංගමයම උඩුදුම්බර පොලිස් ස්ථානයට පැමිණ තිබේ. කෙසේ නමුත් එයට අවශ්‍ය කටයුතු නිසි ලෙස ඉටුකළ උඩුදූම්බර පොලිස් ස්ථානාධිපතිවරයාද එම කණ්ඩායම විරුද්ධ වූ බැවින් එය විභාග කිරීම සඳහා මහනුවර තෙල්දෙණිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා නිසි ලෙස විභාග කර තිබුණි.

සහකාර පොලිස් අධිකාරිවරයා මෙම පැමිණිල්ල විභාගයට ගත් පසු ගිය දා, උඩුදුම්බර සහකාර ප්‍රාදේශීය ලේඛම්වරයාද පැමිණ තිබේ. සහකාර පොලිස් අධිකාරිවරයා ඉදිරියේදී සහකාර ප්‍රාදේශීය ලේඛම්වරයා අදාළ පුද්ගලයාට තර්ජනය කර තිබේ. එහිදී සහකාර පොලිස් අධිකාරිවරයා “ඔබ මේ පුටුවේ වාඩිවෙන්න” ලෙස ප්‍රකාශ කරමින් ඔහුට අවවාද කර තිබේ. එහිදීද ග්‍රාම නිලධාරින් ගණනාවක්ම පැමිණ එම පුද්ගලයාට තර්ජනයක් වන ලෙස හැසිරී තිබේ. කෙසේ වෙතත් සහකාර පොලිස් අධිකාරිවරයා නීතියට අනුව එම පැමිණිල්ල විභාග කර අවසන් කර තිබේ. නමුත් එයින්ද, එම රාජ්‍ය ත්‍රස්තවාදී කණ්ඩායම සෑහීමට පත්ව නැත .

ඒ අතරේ මෙම  ත්‍රස්ත කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් උඩුදුම්බර ප්‍රාදේශීය ලේඛම් වන නිලුෂා මනෝරත්න විසින්, මාධ්‍යට ප්‍රකාශ ලබා දුන් පුද්ගලයෙක් වන බෝපාන,  කළල්ගමුව, අංක  102/E ලිපිනයේ පදිංචි ඩබ්.එම්.යු.ඒ.කරුණාරත්න මහතා අමතා අපුරු ලිපියක් යවා තිබේ. KDS/UDB/1/2 යොමු අංකය යටතේ 2024 01 05 දිනැති එම ලිපිය මගින් රාජ්‍ය නිලධාරින් මිනිසුන්ගෙන් පළිගන්නා ආකාරය මනාව පෙන්වා දි තිබේ. ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ ප්‍රධාන පරිපාලන නිලධාරියාගේ එම අමනෝඥ ලිපියේ පළමු සහ දෙවෙනි ජේද පහත පරිදි වේ.

2.         පසුගිය කාල සීමාවන් පුරාම ඇති වූ සියළුම ආපදා තත්වයන් සම්බන්ධයෙන් මගේ කාර්යාලයේ ග්‍රාම නිලධාරි ඇතුළු අදාළ අනෙකුත් සියලුම නිලධාරින් තමන්ට අදාළ රාජකාරි මෙන්ම රාජකාරි පතයෙන් ඔබ්බටද ප්‍රශස්තව කටයුතු කර ඇත. නමුත් ඔබගේ ඉහත ප්‍රකාශයන් හේතුවෙන් ඉතා කැපවීමෙන් රාජකාරි ඉටුකරන මාගේ නිලධාරින්  අ ෛධර්යයට පත් වන අතර, එබැවින් ර සම්බන්ධව මැදිහත් වන ලෙස ඔවුන්ගේ වෘත්තීය සංගම්ද මාගෙන් ඉල්ලා ඇත.

3.         තවද බරපතල ලෙස අවදානමකට ලක් වී ඇති කළුන්තැන්න හන්දියේ සිට මඩුගල්ල දෙසට වූ මාර්ගයේ සියළුම වාහන ගමනාගමනය නවත්වා තිබියදීත් ඔබගේ බස් රථ එතුලින් ගමන් කිරීම තුලින් එම මාර්ගය තව දුරටත් බරපතල අවධානමකටද ඔබ විසින් ලක් කර ඇත.

4.         එබැවින් මෙම සියලුම කරුණු පිළිබදව ඔබට මා ඇතුළු නිලධාරීන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කර සිටින අතර මෙම කොට්ටාශයේ පදිංචිකරුවෙකු ලෙස ඔබගේ පුරවැසි වගකීම නිසි පරිදි ඉටුකරන ලෙසත් අසත්‍ය ප්‍රකාශ මාධ්‍යයට ලබා දීම තුලින් අනවශ්‍ය පරිදි නිලධාරින් අපහසුතාවයට පත් නොකරන ලෙසත් කාරුණිකව දන්වා සිටිමි., ලෙස , එම ලිපිය අවසන් කර තිබේ. එහි පිටපත් ආයතන ගනනාවකට යොමුකර තිබේ.

ශ්‍රී රාවණා ලංකා සටහන

ප්‍රාදේශීය ලේඛම්වරිය මෙම ලිපිය මගින් පෙන්නුම්කර තිබෙන්නේ ඔවුන් මිනිසුන්ගෙන් පලිගන්නා ආකාරයයි. එම මාර්ගය කැඩී, බිඳී යාම ඇය දකින්නේ තමන්ගේ සේවකයන්ගේ රාජකාරි හැරීමෙන් අනතුරුවය. එය ලැජ්ජා සහගතය. මාර්ග අබලන් නම් එයටද වග කිව යුත්තේ ඒවායේ ගමන් කරනා මගින් හෝ රථවාහන නොවේ. ඒවාටද වගකිව යුත්තේ ප්‍රාදේශීය ලේඛම් ඇතුළු වගකිව යුතු නිලධාරින්ය. ඔහුගේ වාහන ගමන් කිරිමට තිබෙන එකම මාර්ගය එය නම්, ඔහු යා යුත්තේ ඒ මාර්ගයේය. මාර්ග වසා දම ඉක්මනින් නඩත්තුකර දීම ඔවුන්ගේ වගකීමය. මාර්ග සකසා ගැනීමටත්, මෙම රාජ්‍ය සේවකයන්ටත් වැටුප් ගෙවන්නේ මෙම පුද්ගලයන් ගෙවන බදු මුදලිනි.

එසේම ග්‍රාම නිලධාරිවරයා ගමට නොපැමිණි බව ප්‍රකාශ කර තිබෙන්නේ ඔහු පමණක් නොව තවත් ගම් වාසින් කිහිප දෙනෙකුම ප්‍රකාශ කර තිබේ. ප්‍රාදේශීය ලේඛම් කර යුතුව තිබුනේ මේ පිළිබදව විමර්ශනයක් සිදු කර, සාක්ෂි වලට අනුව ග්‍රාම නිලධාරිවරයා එම ස්ථානයට නිසි අවස්ථාවේ නොගිය බවට අනාවරණය කරගෙන එම නිලධාරියාට අවවාද කිරීමයි. නමුත් මෙහිදී ප්‍රාදේශීය ලේඛම්වරයා ඇතුළු සිද්ධියට සම්බන්ධ නිලධාරින් සිදුකරන ත්‍රස්තවාදී ක්‍රියාව නිසා ගම්මුන්ගෙන් සාක්ෂි ලබාගෙන විමර්ශනයක් පවා කිරීම පසෙක දමා තිබේ. එම ග්‍රාම සේවක තම වරද වසා ගැනීම වෙනුවෙන් තමන්ගේ සගයන් සමග එක්ව කටයුතු කර තිබේ. සහකාර ප්‍රදේශීය ලේඛම්වරයාද එසේ කරමින්, සාමාන්‍ය ජනතාවට තම අනීතික බලය තර්ජනාත්මකව පෙන්වමින් හැසිරී තිබේ. එසේ හැසිරීමෙන් ඔවුන්ද පෙන්වා තිබෙන්නේ තමන්ගේ නුගත් කමයි.

උඩුදූම්බර ප්‍රාදේශීය ලේඛම්වරයා පමණක් නොව, අනෙකුත් රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගේ දැන ගැනීම පිණිස රාජ්‍ය සේවය යනු කුමක්ද යන්න මුල සිටම ඉගැන්වීමට සිදුව තිබීම කනගාටුවට කරුණකි. රාජ්‍ය සේවය යනු ඔවුන්ගේ පුද්ගලික බුදලයක් නොවන අතර ඔවුන්ට වැටුප් ගෙවන්නේ රටේ මහජනතාවයි. ඔවුන් ප්‍රථමව ඉගෙන ගත යුත්තේ එයයි.

රාජ්‍යයක සාමාන්‍යය ජනතාවට තනි තනිව ළගාවිය නොහැකි අවශ්‍යයතාවන් පූර්ණය කරමින් ඔවුන්ගේ  ජීවිත වඩාත් පහසුවෙන් හා කාර්යයක්ෂමව ගතකිරීමට අවශ්‍යය පසුබිම සකස් කිරීමේ වගකීම හිමිවන්නේ එර‌ටේ රාජ්‍යය සේවයටයි. එය ඕනෑම රාජ්‍යයක තනි විශාලතම ක්‍රියාකාරී ක්ෂේත්‍රය ලෙසද හදුනාගනී. සාමාන්‍යය ජනතාවට අත්‍යවශ්‍යය සේවා සැපයීමත්‚ රාජ්‍යය යාන්ත්‍රණය විධිමත්ව පවත්වාගෙනයාමත් යන්න මෙහි විෂය පථය ලෙසින් ගැණෙන අතර ශ්‍රී ලංකාව තුළද හදුනාගත හැකිවන්නේ මෙවැනිම තත්ත්වයකි. නමුත් වර්මානය තුළ අප විසින් සාකච්ඡාවට භාජනය කළයුතු ගැටලුව බවට පත්වන්නේ රාජ්‍යය සේවය යන්න එහි අපේක්ෂිත අරමුණු ජනතාව වෙත ළගා කරවමින් ජනතාවගේ අවශ්‍යයතාවන් පූර්ණය කරනු ලබන ක්ෂේත්‍රයක් ද යන්නයි. ඒ අනුව මෑත කාලීනව මෙරට රාජ්‍යය සේවය පිළිබදව ජනතාව තුළ පවත්නා ගෞරවය සහ විශ්වාසයට සිදුව ඇත්තේ කුමක්ද යන්න ගැටලු සහගතය.

ඓතිහාසික වශයෙන් රාජාණ්ඩු පාලනය සමග බද්ධව පැවැති වැඩවසම් ක්‍රමයෙන් බැහැරව මෙරට විධිමත් කළමණාකරණ මූලධර්ම රැගත් රාජ්‍යය සේවයක ආරම්භය සිදු වන්නේ බ්‍රිතාන්‍යය යටත් විජිත පාලනයට සාපේක්ෂවය. 1798 වසෙර්දී මෙරටට පැමිණෙන බ්‍රිතාන්‍යය නියෝජිතයන් විසින් මෙරටට ආවේණික රාජ්‍යය සේවා ව්‍යුහයක් ආරම්භ කරන අතර 1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගින් මෙම රාජ්‍යය සේවය විධිමත් සංවිධාන ව්‍යුහයක් සහිතව ගොඩනගනු ලබන්නේ පාලනයේ කාර්යක්ෂමතාවය අරමුණු ඇතිවය. සමස්ථ රාජ්‍යය සේවාවේ ඵලදායීතාව වර්ධනය කිරීමේ උපාය මාර්ගයක් ලෙසින් සහ කාර්යක්ෂම රාජ්‍යය සේවාවක අවශ්‍යයතාවයට පිළිතුරක් ලෙසින් 1946 මැයි 15 වන දින සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළමුවරට රාජ්‍යය සේවකයන්ගේ පත්කිරීම්‚ මාරු කිරීම්‚ විනය පාලනය හා සේවයෙන් පහ කිරීම පිළිබද ස්වාධීන බලය සහිත රාජ්‍යය සේවා කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම මෙරට රාජ්‍යය සේවයේ සංධිස්ථානයක් ලෙස සැළකිය හැකිය.  නමුත් 1972 වසරේදී මෙම රාජ්‍යය සේවා කොමිෂම අහෝසි කර රාජ්‍යය සේවය පිළිබද බලය අමාත්‍යය මණ්ඩලයට පැවැරීමත් සමග මුළුමණින්ම දේශපාලනීකරණයට පත්වන රාජ්‍යය සේවාව අදටත් මේ අයුරින්ම දේශපාලනික අතකොලුවක් ලෙසින් ගෙනහැර දැක්වීමට සිදුව ඇත්තේ 1978 ආණ්ඩුක්‍රමය මගින් හෝ එයින් පසු ඇති කරන ලද කිසිදු ප්‍රතිසංස්කරණයක් මගින් රාජ්‍යය සේවාවට හිමිවිය යුතු ප්‍රමාණවත් ස්වාධීනත්වයක් හිමි නොවීම යන කාරණය පදනම්වය

ජාතික සංවර්ධනය සහ සේවා සැපයීම අරමුණු කරගත් මෙරට රාජ්‍යය සේවයේ ව්‍යුහය සකස් වීමේදී දීප ව්‍යාප්ත සේවාවන් සහ සමස්ත ඒකාබද්ධ සේවා යන අංශයන් එක් වන අතර විධායක ශ්‍රේණියේ නිළධාරියාගේ සිට කම්කරුවා දක්වා තම බලතල ක්‍රියාත්මක කිරීමටත්‚ වගකිම් ඉටු කිරීමට ‍බැදී සිටී. එසේ වුවද මෙරට රාජ්‍යය සේවය පෞද්ගලික අංශයත් සමග සංසන්දනය කර බැලිමේදී පැහැදිලිවම විෂමතාවන් හදුනාගත ගනී.

ඵලදායී රාජ්‍යය සේවාවක අනෙක් අවශ්‍යයතාවය ඇති කරන්නේ රාජ්‍යය සේවකයාගේ මනෝභාවයයි. රාජ්‍යය සේවකයන් අතරින් බොහොමයකට තමා උසස් වෘත්තියක නියැළේ යන මනෝභාව නිර්මාණය වී තිබුණද ඔවුන් සාමාන්‍යය ජනතාවට සේවය කිරීමට බැදී සිටින ඔවුන්ගේ බදු මුදලින් වැටුප් ලබන පිරිසක් බවට නොසිතේ. තමාගේ කාර්යභාරය පිළිබද සවිඥානික අවබෝධයක් නොමැති සමාජ තත්ත්වය පමණක් හඹායන මෙවැනි පිරිසක් තුළින් කිසිවිටකත් කාර්යක්ෂම සේවාවක් අපේක්ෂා කළ නොහැකි අතර පාරම්පරික නිළබල ක්‍රමයක ආධිපතය තුළින් පීඩාවට ලක්වූ සමාජ ක්‍රමයක් පමණක් ඇති කරයි.

සාමාන්‍යය ජනතාට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට අසමත් ජනතාවගේ කාලය‚ රාජ්‍යය දේපළ හා ධනය කෙරෙහි හානි පමුණුවන ආයතන පද්ධතියක් ලෙසින් රාජ්‍යය සේවය සමාජගත වීමට මූලික කාරණා වන්නේ එහි සිදුවන අනවශ්‍යය නාස්තිය හා කාලය කා දැමීම යන කාරණාවන්ය. මෙරට සාම්ප්‍රදායික රාජ්‍යය සේවාව තුළ අදත් දක්නට ලැබෙන්නේ මිටි ගණන් ගොඩගැසූ කඩදාසි කොළ සමූහයකි. එකම ලේඛනය ඇතැම්විට දහවතාවක් ඡායා පිටපත් කරන්නේ වෙන්ව බෙදී ගිය අංශයන්ගේ දැනුවත් කිරීම සදහාය. එලෙස එකම ආයතනයේ අංශයන් වටා ගමන් කිරීමටත් ආයතන ගණනාවක අනුමැතිය සදහා තවත් වරක් ගමන් කිරීමටත් වැය කරන්නේ වඩාත් ඵලදායී කාර්යයක් උදෙසා යෙදවීමට හැකි අපේ කාලයයි. එහිදී බලතල හා කාර්යයන් ක්‍රියාවට නැංවීම තුළින් පුළුල්ව පැතිරගිය ආයතන පද්ධතියක් පැවතියද ඒවා අතර ප්‍රමාණවත් අන්තර් සබදතාවක් හදුනාගැනීමට නොහැකි වීම නිසාවෙන් සහ කාර්ය පථයන් විධිමත්ව නිර්වචනය නොවීම තුළ සේවා සැපයීමේ ඵලදායීතාව අවම වීමට හේතු වී ඇත. නමුත් තොරතුරු සන්නිවේදන තාක්ෂණය භාවිතයට ගැනීම මගින් කාලය ඉතිරි කිරීම පිළිබදවත් අනවශ්‍යය නාස්තිය වැළැක්වීම පිළිබදවත් ඉහළ ප්‍රගතියක් අත්පත් කරගෙන සිටින අපගේම රටේ පෞද්ගලික අංශය දෙස බලන විට මතුවන්නේ තවත් උභතෝකෝටිකයකි. පෞද්ගලික අංශය පරිද්දෙන් ස්වයංක්‍රීයව නියාමනයට ලක්වන තොරතුරු තාක්ෂණික උපාය මාර්ගයන් භාවිතයට ගැනීම තුළින් සාමූහික වැඩ කළමණාකරණය‚ ආයතින වශයෙන් සහසම්බන්ධිත ජාලයක් නිර්මාණය කිරීම තුළ වඩාත් ඵලදායී රාජ්‍යය සේවාවක් නිර්මාණය කළහැකිය. එමගින් ගුණාත්මක බවින් අඩු අතිරික්ත ශ්‍රම බලකාය පාලනය කළ හැකි වුවද එයට අවධානය යොමු නොවන්නේ රාජ්‍යය සේවය වර්තමාන දේශපාලන අතවැසියන්ගේ ක්ෂ‍ේම භූමියක් ලෙසට පත්ව ඇති බැවිණි.

මේ අයුරින් මෙරට රාජ්‍යය සේවයේ ස්වභාවය හදුනාගැනීමේදී වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කාර්ය සාධනයක් කරා ගමන් කිරීමට නම් එහි නෛතික ව්‍යුහයත් ආයතනික සංවිධානයත් සහ ශ්‍රම බලකාය පිළිබද විධිමත් අධ්‍යයනයක් සිදු කරමින් වර්තමාන අවශ්‍යයතාවන් අනුව යමින් වඩා පුළුල් වූ ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍යය ය. එසේ නොමැති නම් ගතානුගතික සමාජ දේශපාලනික අර්බුධයන් මත හිදිමින් ජනතා මුදල් විනාශයට පත් කරන‚ තම තනතුර බබළවනා වෙනුවට තනතුරින් තමා බැබළීමට වෙරදරන අත්තනෝමතික මනෝභාවයන් තුළින් පිරිපුන් රාජ්‍යය සේවයත්‚ දේශපාලනීකරණයත් පවතිනතාක් මෙරට රාජ්‍යය සේවය සිය කාර්යක්ෂමතාව ළගා කරගැනීමට අසමත්ව සිටීම පිළිබද විමතියට පත්විය යුතු නැත. නමුත් මේ සියල්ල හමුවේ ජනතාව වන අපට කල්පනාකර බැලීමට සිදු වන්නේ රාජ්‍යය සේවය තවදුරටත් ජාතික සංවර්ධනයට සේවාවක් සපයයිද නැතිනම් එය ජාතික ධනය විනාශ කරමින් හෙට රටට බරක් වෙමින් ඉදිරියට ගමන් කරයිද යන්නයි. මේ අයුරින් මෙරට රාජ්‍යය සේවයේ ස්වභාවය හදුනාගැනීමේදී වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කාර්ය සාධනයක් කරා ගමන් කිරීමට නම් එහි නෛතික ව්‍යුහයත් ආයතනික සංවිධානයත් සහ ශ්‍රම බලකාය පිළිබද විධිමත් අධ්‍යයනයක් සිදු කරමින් වර්තමාන අවශ්‍යයතාවන් අනුව යමින් වඩා පුළුල් වූ ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍යය ය. එසේ නොමැති නම් ගතානුගතික සමාජ දේශපාලනික අර්බුධයන් මත හිදිමින් ජනතා මුදල් විනාශයට පත් කරන‚ තම තනතුර බබළවනා වෙනුවට තනතුරින් තමා බැබළීමට වෙරදරන අත්තනෝමතික මනෝභාවයන් තුළින් පිරිපුන් රාජ්‍යය සේවයත්‚ දේශපාලනීකරණයත් පවතිනතාක් මෙරට රාජ්‍යය සේවය සිය කාර්යක්ෂමතාව ළගා කරගැනීමට අසමත්ව සිටීම පිළිබද විමතියට පත්විය යුතු නැත. නමුත් මේ සියල්ල හමුවේ ජනතාව වන අපට කල්පනාකර බැලීමට සිදු වන්නේ රාජ්‍යය සේවය තවදුරටත් ජාතික සංවර්ධනයට සේවාවක් සපයයිද නැතිනම් එය ජාතික ධනය විනාශ කරමින් හෙට රටට බරක් වෙමින් ඉදිරියට ගමන් කරයිද යන්නයි

Exit mobile version