ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකුට පහර දී මුදල් හා දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් සැකකාර තරුණියක අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකාර තරුණියට චෝදනා එල්ල වී ඇත්තේ පසුගිය මැයි මස 09 වනදා අම්බලන්ගොඩ ප්රාදේශීය සභා මන්ත්රීවරයෙකුට කොල්ලුපිටිය ප්රදේශයේ දී පහර දී තුවාල සිදු කර මුදල් පසුම්බිය කොල්ල කා මන්ත්රීවරයා බේරේ වැවට තල්ලු කර ඇති බවටයි.
කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් මත පොලිසිය අදාළ සැකකාරියව අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (22) දහවල් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත පැමිණීමෙන් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධෙයන් ඇයව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
වයස අවුරුදු 26ක තරුණියක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.