ප්‍රංශයේ තවත් කොවිඩ් ප්‍රභේදයක්

ප්‍රංශයෙන් තවත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනාගෙන ඇත.

මේ වන විට මුළු ලොවක් භීතියට පත් කරමින් ඔමික්‍රොන් ප්‍රභේදය පැතිරයන අවස්ථාවක තවත් කොවිඩ් ප්‍රභේදයක් ඉස්මතු වීමක් සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයෝ පවසන්නේ එය ව්‍යාකූල තත්ත්වයක් බවයි.

ඔවුන් අනුමාන කරන්නේ නව ප්‍රභේදයේ විකෘත්තිතා 46ක් පමණ ඇති බවත් එය වේගයෙන් පැතිරයාමේ හැකියාවක් ඇති බවත් ය.

IHU නමින් හඳුන්වා ඇති නව B.1.640.2 ප්‍රභේදය හේතුවෙන් මේ දක්වා ගිනිකොණදිග ප්‍රංශය තුළ 12 දෙනෙක්ව ආසාදිතයින් බවට පත්ව ඇති බව වාර්තා වේ.

බටහිර අප්‍රිකාවේ කැමරෑන් සිට පැමිණි පුද්ගලයෙක් එහි දී හඳුනාගන්නා ලද පළමු ආසාදිතයා වන අතර ඔහු එන්නත් මාත්‍රා දෙකම ලබා සිටි අයෙක් බවට ද වාර් වී ඇත.

Exit mobile version