ප්‍රංශය කොවිඩ් ආසාදිතයින් කෝටිය ඉක්මවූ 06වන රට වේ

ප්‍රංශය කොවිඩ් ආසාදිතයින් කෝටිය ඉක්මවන ලද 06 වන රට බවට පත්ව ඇති බව වාර්තා වේ.

ප්‍රංශය තුළින් ගතවූ පැය 24 තුළ දී නව ආසාදිතයින් 219,126 දෙනෙකු වාර්තා වීමත් සමග මේ දක්වා එරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 10,191,926ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මින් ඉහත දී කොවිඩ් ආසාදිතයින් කෝටිය ඉක්මවා වාර්තා වූ රටවල් වූයේ ,ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය,බ්‍රිතාන්‍ය සහ රුසියාවයි.

එමෙන්ම ප්‍රංශය තුළ මේ වන විට ප්‍රමුඛ වශයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේදය බවට පත්ව ඇත්තේ ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයයි.

මෙම ප්‍රභේදය හේතුවෙන් එරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සිග්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඊයේ (01) දිනයේ දී ආසාදිතයින් දෙලක්ෂය ඉක්මවා වාර්තා වී ඇත්තේ අඛණ්ඩව සිව්වන දිනටය.

Exit mobile version