ප්‍රථමවරට නැනෝ පොහොර හඳුන්වා දුන් අපට පේටන්ට් බලපත්‍ර අහිමි වුණේ කෙසේද?

ලෝකයට ප්‍රථමවරට නැනෝ යූරියා යන වචනය හඳුන්වා දෙමින් නැනෝ පොහොර තාක්ෂනය සොයාගන්නා ලද්දේ ශ්‍රී ලාංකික විද්‍යාඥ කණ්ඩායමක් විසිනි.

ඒ මහාචාර්ය නිලවලා කෝට්ටේගොඩ මහත්මිය ඇතුලු කණ්ඩායමක් බවයි එතුමිය සඳහන් කළේ.

ඒ වන තෙක් ලෝකයේ කිසිම තැනක මෙම තාක්ෂණය සොයාගෙන නොතිබූ බවත්, මේ වන විට US පෙටන්ට් ආයතනයෙන් පෙටන්ට් බලපත්‍ර 03ක් ද ඒ සඳහා නිකුත් කර ඇති බවත්, නැනෝ තාක්ෂණය ඔස්සේ ලැබුණු පේටන්ට් බලපත්‍රය මෙරටට ලැබුණු පළමු පේටන්ට් බලපත්‍රය බව ද එතුමිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

කෙසේ නමුත් එලෙස ලබාගත් පේටන්ට් බලපත්‍රය ඉන්දීය සමාගමට ලබාදුන් බව ද මහාචාර්ය නිල්වලා කෝට්ටේගොඩ මහත්මිය ප්‍රකාශ කළේය.

Exit mobile version