කන්ද උඩරට සෙංකඩගල පුරවරයේ පිහිටි ලෝවැසි බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩ වන ශ්‍රී දළදා මාලිඟාවේ ගිහි භාරකරු වන ප්‍රදීප් නිලංඟ දෑල නැමැත්තාට විරුද්ධව ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය මගින් 2021.10.11 වන දින පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි. මෙම පැමිණිල්ලේ චෝදනා 43 ක් පමණ ඇතුලත් වේ.
එම පැමිණිල්ල පිළිබඳව ඊයේ (02) බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතාගෙන් විමසීමක් කර තිබෙන අතර ඔහු එය නොලැබුණු බව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ලියාපදිංචි තැපැල් කුවිතාන්සිය සමග අදාල ලිපිය නැවත වරක් ව app හරහා යැවීමට කටයුතු කර තිබේ. දින 20 ක් පසුවීත් ඔහුට එම ලිපිය නොලැබුනු බව ප්‍රකාශ කලද ප්‍රසිද්ධ මාධ්‍ය මෙන්ම සමාජ ජාල වෙබ් අඩවි වල මෙම සිද්ධිය ප්‍රසිද්ධ වී තිබෙන නමුත් ඔහු එය නොදැන සිටීම පුදුමයට කරුනක් බවද ඔහුම ප්‍රකාශ කර තිබේ.
කෙසේ වුවද , බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්ට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව සිදු කර ඇති තවත් කරුණු ගණනාවකට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවද රාවණා ලංකා ජාතික සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක හිමාල් ඒකනායක මහතා ප්‍රකාශ කරන ලදී.
එසේම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් හට දිස්ත්‍රික් ලේකම් තනතුරක් ලබා දීමට මේ සිද්ධීන් වලට සම්බන්ධ පුද්ගලයෙක් පොරොන්දු වී තිබෙන බවද, දිස්ත්‍රික් ලේකම් තනතුරට කෑදරකමින් ඔවුන්ට විරුද්ධව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නීතිය ක්‍රියාත්මක නොකරන බවද සදහන් කරන ලදී. වැඩි දුරටත් සදහන් වන්නේ අතිගරු ජනාධිපතිතුමා පවා නොමග යවමින් දේවාල වල පැවැත්විය යුතු බස්නායක නිළමේවරුන් තෝරා පත් කර ගැනීමේ නිළවරණයද කල් දැමීම සදහා කටයුතු කර ඇති බවයි. එයින්ද ජනාධිපතිතුමා නොමග යවා දූෂිත බස්නායක නිළමේවරුන් රැක ගැනීම සදහා අවශ්‍ය පදනම සකසා ඇති බවද වාර්තා වේ.
එසේම මීට පෙර අල්ලස් ලබා ගනිමින් අල්ලස් චෝදනා තිබියදීම විශ්‍රාම ගොස් තිබෙන, ශ්‍රී දළදා මාලිගාවේ වංචා, දූෂණ සහ නීතිවිරෝදී ලෙස ඉඩම් විකිණීම සදහා ආධාර අනුබල දී ඇති හිටපු බෞද්ධ කටයුතු කොමසාරිස්වරුන්ට විරුද්ධවද නීතිමය කටයුතු ගණනාවක් සිදු කිරීමට කටයුතු කරමින් තිබෙන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරන ලදී.
මේ කටයුතු සොයා බලා නීතිය නොනමා , නීතිය හරියටම ක්‍රියාත්මක කිරීමේ නිසි බලධාරියා වන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් බැවින් ඉදිරි කටයුතු සිදුවන තෙක් අප බලා සිටිමු.