ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රකාශ කරන්නේ ඔවුන් වෙත බලය පැවරී ඇත්තේ LPG රහිත ගෑස් සිලින්ඩර ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකූලද යන්න පරීක්ෂා කිරීමට පමණක් බවයි.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කර ඇත.
එසේම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සියලුම ප්රමිතීන් ස්වේච්ඡා ප්රමිතීන් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බවත්, කිසිදු ප්‍රමිතියක් අනිවාර්ය කිරීමට එම ආයතනයට බලයක් නොමැති බවත් අදාළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
කපාට, රේගියුලේටර් සහ නම්‍යශීලි හෝස් සඳහා නිකුත් කර ඇති ප්‍රමිතීන්ට අනුකූල වීම අනිවාර්ය කර ඇති බවත්, එහි අනුකූලතාව නිරීක්ෂණය කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වගකීම බවත් එමගින් පෙන්වා දී ඇත.