ප්‍රසන්න රණතුංගට ඉඩම් මංකොල්ල චෝදනා

පසුගිය දිනක චමුදිත සමරවික්‍රම මහතා විසින් රංජිවි ද සිල්වා නමැති මහත්මියක් සමග පැවති සාකච්ඡාවක දී සංචාරක කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග රතුංග මහතා විසින් බලහත්කාරයෙන් ඉඩම් පවරා ගැනීමක් සිදුකරන බවට චෝදනා එල්ල කරන ලදී.

කෙසේ නමුත් මෙම චෝදනා සම්බන්ධයෙන් සිය අදහස් දැක්වීමට මෙන්ම එම චෝදනාවන්හි පවතින සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සංචාරක අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් චමුදිත සමරවික්‍රම මහතා විසින් පවත්වන ලදී.

එහි දී අමාත්‍යවරයා සඳහන් කළේ ඇය විසින් කරන ලද සියලුම ප්‍රකාශයන් අසත්‍ය බවත් තමන් විසින් කිසිදු ඉඩම් බලහත්කාරයෙන් බඳවා ගැනීමක් සිදු නොකළ බවත්ය.

තලවතුගොඩ ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් මෙම ගැටලුව පැන නැගී ඇත.

කෙසේ නමුත් අමාත්‍යවරයා සඳහන් කළේ එම ඉඩමේ නීත්‍යානුකූල අයිතිය ඔහු සතු බවත් ඒ සඳහා අවශ්‍ය සියලුම ලියකියවිලි ඔහු සතුව ඇති බවත් ය.

මෙම අසත්‍ය චෝදනාවන් පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම සාකච්ඡාවේ දී එක්තරා දේශපාලන පක්ෂයක් පිළිබඳව සැකපහල කරනු ලබයි.

අදාළ සාකච්ඡාව පහතින්

Exit mobile version